
(නිමල් ජයරත්න)
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ අද සවස 5.30ට ඔරු පැදීමට ගිය පිය පුතු දෙපළකට ඔරුව පෙරළී පරාක්‍රම සමුද්‍රයේ ගිලි මිය ගොස් ඇතැයි බව පොළොන්නරුව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ බටහිර නයන, නයනමඩම ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 72 ක් ඩබ්ලිව්. සුනිල් ප්‍රනාන්දු හා ඔහුගේ පුතු වන 38 වියති තාරක සදරුවන් ප්‍රනාන්දු යන අය බව පරීක්ෂණ සිදු කරන පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි,
බැඳිවැව ඥාති නිවසකට පැමිණ ඔවුන් දෙදෙනා සමග පස්දෙනකු දියනෑමට ගොස් ඇති අතර එහිදී ඔරු පැදීමට ගියවිට ඔරුව පෙරළී පිය පුතු මෙම අනතුරට මුහුණ දී ඇති බවද පොලිසිය කියයි,
මෘත ශරීර මේ වනවිට පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර තිබෙන අතර සිද්ධිය පිළිබඳ පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරාක්‍රමබාහු රජතුමා ප්‍රාද්ශීය සභාවෙ අනුමැතිය නැතුව හෝටලේ ළග පරාක්‍රම සමුද්‍රය හැදුව (ප්‍රාදේශීය සභා ඇතිකලේ ප්‍රේමදාස ජනාධිපතිගේ කාලයේදි තමයි ) දැන් මිනිස්සු ඇදිරි වැටීගෙන එද්දී ඔරු පදින්න ගිහිල්ලා මැරෙනවා පරාක්‍රම සමුද්‍රය හැදුවෙ නැත්නම් මේ මොකවත්ම වෙන්නෙ නැහැනේ
පිහිනීමට සහ ඔරු පෙදීමට කෙතරම් දක්ෂ උනත් වරදින වෙලාවල් තියෙනවා. හොඳම බුද්ධිමත් ක්‍රියාව තමයි ඔරුවක් පදිනවානම් හෝ ඔරුවක යනවානම් ආරක්ෂිත කබායක් පැළඳ සිටීම හදිසි අනතුරක ඔරුව පෙරලුණත් බයක් නැහැ ජලයේ පාවිවී ඉන්න පුළුවන්, කවුරු හරි ඇවිත් බේරාගන්නකන්.