(ඩයනා උදයංගනී)
පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය සියයට 25ක් අනිවාර්ය වන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එම ආඥා පනතේ දැනට පවතින සියයට 25ක කාන්තා නියෝජනය ද ආරක්‍ෂා වන පරිදි මෙම සංශෝධනය කිරීමට නියමිත බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තරුණ නියෝජනයට අවස්ථාව සළසාදීම සම්බන්ධව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් ශ්‍රී දොලවත්ත මහතා ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතට සහයෝගය දක්වමින් මෙම පියවර ගැනීම යෝග්‍ය බව හඳුනාගෙන ඇතැයි ද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.
වැඩබලන අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුනයා කියන තැනැත්තාගේ වයස් සීමාව අවරුදු 15-24 කාලයයි මේ ගොල්ලොද ප්‍රා.සභාවල කෙරෙන් වැඩ කටයුතු ගැන තීන්දු තීරණ ගන්න හදන්නේ? ඔය හදන්නේ ප්‍රා.සභාවල ජෙප්පෝ රින්ගවන්න.