(මොහොමඩ් ආසික්)
දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (02 ) සවස දක්වා බල පැවැත්වෙන පරිදි නාය යෑමේ තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇති අතර තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27 කට පළමු සහ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, සෙරණාතොට,ඇල්ල, හපුතලේ,හාලිඇල, මීගහහකිවුල,හල්දුම්මුල්ල වැලිමඩ,පස්සර බණ්ඩාරවෙල, ලුණුගල, බදුල්ල සහ කන්දකැටිය, මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද, උඩදුම්බර, කුණ්ඩසාලේ, උඩුනුවර, පාතදුම්බර, තුම්පනේ,මැදදුම්බර ගඟ ඉහළ කෝරළ,මිනිපේ , පූජාපිටිය, අකුරණ, පාතහේවාහැට,දෙල්තොට ගඟවට කෝරළය, යටිනුවර, දොළුව,පස්බාගේ කෝරළය, උඩපළාත,පන්විල සහ හාරිස්පත්තුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන,යටියන්තොට , බුලත්කොහුපිටිය,අරණායක , ගලිගමුව,කෑගල්ල වරකාපොළ, මාවනැල්ල, දෙහිඕවිට,රුවන්වැල්ල සහ දැරණියගල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ,නාරම්මල,මල්ලවපිටිය, රිදීගම,අලව්ව සහ මාවතගම, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, විල්ගමුව, පල්ලේපොළ, අඹන්ගඟ කෝරළය, මාතලේ උකුවෙල, නාවුල රත්තොට, ලග්ගල පල්ලේගම , නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, මතුරට, නුවරඑළිය, තලවකැලේ, වලපනේ, නිල්දණ්ඩාහින්න, නෝර්වුඩ්, අඹගමුව, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69 සඳහායි.
මෙයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව, මහරගම,කඩුවෙල සහ හෝමාගම, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල,කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය සහ බුලත්සිංහල, මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිලේ සහ මැදගම,රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ඇහැලියගොඩ,අයගම, කහවත්ත, කොලොන්න, ඉඹුල්පේ,බලංගොඩ, පැල්මඩුල්ල,නිවිතිගල, කලවාන, කිරිඇල්ල, ඇලපාත, ගොඩකවෙල, රත්නපුර සහ ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුක් කර තිබේ
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද එනම් 2025.12.02 වන දින පස්වරුව දක්වා බල පැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් සහ දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක්ද ලැබී ඇති බවත් තව දුරටත් වර්ෂාව පවතීනම් ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ගන්නා ලෙසත් තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවලට පසුගිය පැය 24 කාලය තුල මිලි මිටර් 150 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යා යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් කියයි.
2025 දෙසැම්බර් මස 04
210
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
382
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රා.ලේ.කොට්ඨාස 70 කට රතු නිවේදන
කාලිංග Tuesday, 02 December 2025 09:49 AM
මේක අමු බොරුවක් නේ , අපි ඉන්නේ 1 වෙනි මට්ටමේ අවදානම් නිවේදනයක් නිකුත් කරලා තියන මහරගම , අපේ පැත්තට දැන් දවස් 2ක ඉඳන් කිසිම වර්ෂාවක් නැහැ , කොහෙද මේ ගොල්ලෝ මේ data අරන් තියෙන්න ?