IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ප්‍රා .ලේ කොට්ඨාස 70 කට නාය අනතුරු ඇඟවීම්

(මොහොමඩ් ආසික්)

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 70 කට නාය යෑමේ  අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (26) පෙරවරුවේ නිකුත් කර තිබේ.

මෙම අනතුරු ඇඟවීම යටතේ පළමු මට්ටමේ අනතුරු ඇඟවීම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 44 කටත් දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 21 කටත් තෙවන මට්ටමේ අනතුරු ඇඟවීමේ  රතු නිවේදනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස පහකටත් නිකුත් කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, , මතුරට සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තෙවන මට්ටමේ රතු නිවේනය නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ හල්දුම්මුල්ල,කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය,බුලත්සිංහල සහ වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, ගඟවට කෝරළය සහ පාතහේවාහැට,කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල,මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ  සහ පිටබැද්දර,නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කලවාන,නිවිතිගල අයගම,ඉඹුල්පේ, බලංගොඩ,කොලොන්න රත්නපුර, සහ ඇලපාත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ අවවාදාත්මක නිවේදනයද නිකුත් කර තිබේ.

මෙයට අමතරව, බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, බණ්ඩාරවෙල,ඇල්ල  බදුල්ල, ලුණුගල, සහ හාලිඇල, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක,ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ,හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන,කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ හොරණ.මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර,ගඟ ඉහළ කෝරළය,තුම්පනේ උඩපළාත,පාතදුම්බර පස්බාගේ කෝරළය.පන්විල මැදදුම්බර මිනිපේ සහ දොළුව,කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල,රුවන්වැල්ල, ගලිගමුව, රඹුක්කන, යටියන්තොට, වරකාපොළ.අරණායක සහ දැරණියගල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදිගම, මාවතගම සහ මල්ලවපිටිය,මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය , නාවුල,උකුවෙල, යටවත්ත,සහ රත්තොට මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ,නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව,සහ කොත්මලේ,රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිපිට, කිරිඇල්ල ඕපනායක,සහ වැලිගෙපොළ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

පළමු මට්ටමේ අනතුරු ඇඟවිමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක්ද , දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රාදේශිය ලේකම් කොට්ටාසවලට මිලි මීටර් 100 ඉක්මවු සහ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට මිලි මීටර් 150 ඉක්ම වූ වර්ෂාපතනයක්ද ලැබී ඇති බැවින්  එම ප්‍රදේශවල පදිංචි ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසත් රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යා යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් කියයි.

2025.11.26 වන දින පෙරවරු නිකුත් කර ඇති මෙම නිවේදනය 2025.11.27 වන දින පෙරවරුව දක්වා වලංගු වන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත කියයි.

 



අදහස් (0)

ප්‍රා .ලේ කොට්ඨාස 70 කට නාය අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site