(විමුක්ති එස් රුද්‍රිගු)

කඩවත මංකඩ පාරේ කොටසක් ගිලා බැස  මසකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් පිළිසකර කර නැතැයි රියදුරෝ පවසති.

මංකඩ පාර කඩවත සිට මාකොළ ,දෙල්ගොඩ ,මාවරමණ්ඩිය නගර දෙසට යාමට යොදා ගන්නා ප්‍රධානම කෙටි මාර්ගයකි.

මංකඩ පාරේ මංකඩේ ලෙස හැදින්වන ප්‍රදේශයේ බෝක්කුව කැඩී යාම නිසා මාර්ගය ගිලා බැස මසකට අධික කාලයක් ගත වුණද තවම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර නොමැති බව රියදුරන් පවසයි.

දවසකට වාහන 1000 පමණ ගමන් කරන මෙම මාර්ගයේ දැන් ඇත්තේ තනි මංතිරුවක් බැවින් මාරක රිය අනතුරක් අත ළඟ බව රියදුරෝ පවසති.