(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් ප්‍රේමතිලක)
බේරුවල නගරාධිපති මසාහිම් මොහොමඩ් තමන්ට කනට පහර දුන් බව පවසමින් 18 හැවිරිදි තරුණයකු අද පැමිණිල්ලක් කළ බව බේරුවල පොලිසිය කියයි.
බේරුවල දිනගොඩ ප්‍රදේශයේ මාර්ගය අසල කුඩා ලොරි රථයක එළවළු සහ පළතුරු වෙළඳාමේ යෙදෙන අවස්ථාවේදී කැබ් රථයකින් පැමිණි නගරාධිපතිවරයා අනවසර වෙළඳාමක් යැයි පවසමින් තරුණයාට බැන වදින අවස්ථාවේදී තරුණයා හා නගරාධිපතිවරයා අතර බහින්බස් වීමක් සිදුවීමෙන් අනතුරුව තම කනට අවස්ථා දෙකකදී පහර දුන් බව තරුණයා සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
බහින්බස් වීම සිදුවන අවස්ථාවේදී තරුණයා වෙළදාම් කරන රථයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයට පැමිණ ඇති අතර නගරාධිපතිවරයා තරුණයාගේ කනට පහර දෙන අවස්ථාවේදී එම කාන්තාව සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනය කර ඇතැයිද පොලීසිය කියයි.
සිද්ධිය සැලවූ වහාම බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් දෙපාර්ශ්වයම පොලිසියට කැඳ වීමට පියවර ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනං අහවල් ආගමේ නෙමේ වෙන්න ඇති. ඔය ඒරියා එකේ අනිත් ආගම් වල අයට මොකක් කරන්න බෑ.
හමුදා මානසිකත්වයක් තියෙන කෙනෙක් නායකයා වුණාම පහළ මිනිස්සුත් කරන්නේ මේ වගේ වැඩ තමයි.
මම ඒ් තරුණයා නම් කණේ පාරවල් දෙකක් දීලා, අත කඩලා තමයි නවතින්නේ.. ආයෙත් අහිංසක මිනිස්සුන්ට අත නොඋස්සන්න. එයාගේ නඩයේ එකෙක් මේක කියවලා මේක තේරුම් කරලා දුන්නොත් හොඳයි... !