ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටින හෝසේ ජෙරීට ධුරය අහිමි විය. ඒ, ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගයෙන් ඔහු පරාජය වීමත් සමඟය.

39 හැවිරිදි හෝසේ ජෙරීට බලය අවභාවිත කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර, විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ එම චෝදනා සම්බන්ධයෙනි. 
හෝසේ ජෙරී, සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැරව යමින් කාන්තාවන් කීප දෙනකුට රැකියා ලබා දී ඇත. මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශණයක් පැවැත්වුණු අතර, ජනාධිපතිවරයා වරදකරුවකු යැයි තහවුරු විය.
හෝසේ ජෙරී, පේරු රටේ අන්තර්වාර ජනාධිපති ලෙස තේරී පත් වූයේ මීට මාස 4 කට පෙර, පසුගිය ඔක්තෝබර් මාසයේය. ඒ, ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටි ඩිනා බොලුආරේ දූෂණ චෝදනා හේතුවෙන් ධුරයෙන් ඉවත් වීම නිසාය.