ඉන්දිකා රාමනායක
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පත්කර ඇත.
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (31) පෙරවරුවේ පියල් ද සිල්වා මහතා මෙම පත්වීම් ලිපිය බාරගෙන තිබිණි.
පියල් ද සිල්වා මහතා හෙට (1) පෙරවරුවේ නව නාවික හමුදාපතිවරයා වශයෙන් වැඩබාර ගැනීමට නියමිතය.
පියල් ද සිල්වා මහතා මීට පෙර නාවික හමුදා මාණ්ඩලීක ප්‍රධානි වශයෙන් කටයුතු කළේය.
නව නාවික හමුදාපතිවරයා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ආදි සිසුවෙකි.


ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහකොළට,රටට , ලෝකෙට ආදරය කරන මිනිසෙක් .................
ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් !! කාරුණිකව අපගේ මෙම අදහස් වැරදි ලෙස අර්ථ දැක්වීමෙන් වලකින ලෙසත් මෙලෙස පුරවසියන් හැටියට අප නිතරම දුටු දෙයක් නව නාවික හමුදාපති වන ඔබට පැවසීමට කැමැත්තෙමු. රටේ දේශපාලන අධිකාරිය යන්නේ කොහෙද ඒ පිටුපස නැට්ටක්සේ පස්සෙන්ම යන මහජන ආරක්ෂක නිලධාරියෙක් නිතරම අපගේ ඇස ගැටී ඇත. විශේෂයෙන් ආරක්ෂක අංශයක ප්‍රධානියෙක් එලෙස දේශපාලුවන් යන්නේ කොහෙද එතන සිටීමට ඔහුට කාලය සොයා ගන්නේ කෙසේද? ඔහුගේ වටිනා කාලය, ඔහුගේ ආරක්ෂක නිලධාරීන් නිකරුනේ මහජන මුදල් නාස්තිකරමින් දේශපාලුවන් පිටුපස යාම හානියක් හැර වෙනත් කිසිවක් නොලැබෙන බවනම් ස්ථිරය. ත්‍රිවිධ හමුදාවල නිලදරුවන් එසේ ඉතාමත්ම අඩුවෙන් අපගේ ඇස ගැටී ඇති නමුත් නැට්ටුක් කාරයන් නම් නිතරම පෙරහරේ යනවා අප හොඳින් දැක ඇත.
කඩොලාන , කොරල් පර රැකගෙන නීල හරිත හෙටකට සුබ පැතුම් ..!!! නව නැව්පතිට...
අර මාධ්‍යවේදීන්ගේ බෙල්ල මිරිකපු පෝරිසාදයාට වඩා නම් හොඳ බව පේනවා.
අනේ මන්දා නිකම් ඇට කාපු රිලවා වාගේ...
සුබපැතුම්...!!!