(ඩී.ජි.සුගතපාල)
වාඩුවැලිවිටිය රුක්අත්තනගොඩ පදිංචි පුද්ගලයෙකු තම 33 හැවිරිදි දියණියගේ හිසට උදැල්ලකින් පහරදි ඊයේ (17) රාත්‍රි ඝාතනය කර ඇතැයි නාගොඩ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය ර ඇත්තේ රුක්අත්තනගොඩ වාඩුවැලිවිටිය දකුණ පදිංචිව සිටි රෙෂාණි කෝන්ගහගේ නමැති කාන්තාවකි.
සැකකාර පියා බිමත්ව පැමිණ දියණියගේ හිසට උදැල්ලකින් පහරදි ඇති බවත් හිස දෙකඩවු තුවාලකාරිය බද්දේගම රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බවද පොලිසිය පවසයි.
සැකකාර පියා නිතරම බිමත්ව සිටින පුද්ගලයෙකු බවත් පවුල් ආරවුලක් මත මෙම ඝාතනය කර ඇති බවත් අනාවරණයවි තිබේ.
අපරාධය වාර්තා විමත් සමග ගාල්ල කොට්ඨාස අපරාධ පරික්ෂණාගාරයේ පොලිස් පරික්ෂක ප්‍රශාන්ද සිල්වා මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් ගොස් විද්‍යාත්මක සාක්කි එක්රැස් කිරිමට පියවර ගන්නා ලදි.
සිද්ධියට සම්බන්ධ සැකකාර පියා අත් අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාර මයුර පෙරේරා මහතාගේ උපදෙස් පරිදි නාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික ඩයස් මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩි දුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේම දරුවා මරාදැම්මේ මොන හිතකින්ද?
කුඩ්ඩෝ, බේබද්දෝ මේ රට වැනසුවා...
අරක්කු නැතිනම් කසිප්පු හදනවා. බෞද්ධ දර්ශනය සහ බීමත්කම එකට ගාවගන්න එපා. වෙන රටවල්වලත් මත්පැන් තියෙනවා. එකම දේ නීතියේ ආධිපත්‍යය අපේ රටේ නෑ. ආගමෙන් මිනිස්සු හික්මවන කථා පොත්වලට සීමා කරගන්න. නීතිගරුක සමාජයකට තදබල ලෙස නීති රීති පිළිපදින්න ඕනෑ.
නීති දාලා මිනිස්සු බොන එක නවත්වන්න බැහැ.. ආගම, සදාචාරය මුල්කරගත් ගුණගරුක සමාජයකින් විතරයි බීමත් කමින් ජීවිත විනාශවීම වළක්වාගන්න පුළුවන්. අපි බුදුදහමේ කියලා කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ. දවසේම පිරිත් දැම්මත් වැඩක් නැතිබව ඔප්පුවෙලා හමාරයි. ඇත්තටම මේ බෞද්ධ කියන රටේ කොහොමද ස්කාගාර සංස්ථාවක් නීත්‍යානුකූලව පවතින්නේ?
සුද්දෝ බැහැපු හැමතැනම දුසිරිත්වලට නොයෙක් උපක්‍රම යොදලා... මිනිසා විනාශ කෙරුවා. ඒකනේ ඔවුන්ගේ පවුලුත් සී සී කඩ... වැඩිය ඕනේ නැහැ ... ලෝකයේම සදාචාරය වැනසුවා...