( තිළිණි ද සිල්වා )
විදේශීය සිට පැමිණෙන සංචාරකයනට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් වාර්තාව ලබා ගැනීමට අවස්ථාව සැලසෙන පරිදි ගුවන්තොටුපළ පර්යේෂණාගාරය විධිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඉදිරි මැයි සහ ජුනි මාසවල දී ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරෙන සංචාරක කාල සීමාව තුළ ජර්මනිය, මහා බ්‍රිතාන්‍ය, චීනය ඇතුළු රටවලින් සංචාරකයින් රැසක් ලංකාවට පැමිණීමට නියමිත වීමත් , ඉන්දියාව සමග ඒකාබද්ධව සිදු කරන සංචාරක බුබුළු වැඩසටහන් ද ක්‍රියාත්මක වීමට නියමිත බැවින් මේ පියවර ගැනීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍යවරයා කියා සිටී.
එවැනි වාතාවරණයක් තුළ දී ගුවන් තොටුපළේදි රසායනාගාර පරීක්ෂණ සහ අනිකුත් සියලු පරීක්ෂණ සිදුකර ගනිමින් ඉතා කෙටි කාල සීමාවක් තුළ විදේශිකයින් සංචාර සඳහා පිටත් කර හැරීමට අවශ්‍ය ආකාරයට ඉදිරි සැලසුම් සකස් කර ගත යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලැබූ ආයතන වලට සැලසුම් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්.. ඒක හොදයි. විදෙස් සංචාරකයින් පැය තුනකින් යවලා විදෙස් ශ්‍රමිකයින් දවස් 14ක් 15 ක් බලෙන් හෝ හොටෙල් නිරෝධායනයට යවලා අපේ වියදම් ටික කවර් කර ගන්න ගමන්ම ගානක් සාක්කු වලට දාගමු.
විදේශිකයන්ට පැය තුනෙන් දෙන්න පුළුවන් නම් වැක්සීන් එක අරන් එන රටේ පුරවැසියන් පැය විසිහතරක් හරි තියාගෙන ගාන කඩන කාලකණ්ණි
මේක බිස්නස් එකක්. ඔය කියන ක්‍රමය එතරම කාර්යක්ෂම නැත.
මේවා විශ්වාස කරන අය තවමත් ශ්‍රී ලංකාවේ ඇති.නැතිනම් 69 ලක්ෂයක මෝඩයින්ගේ ඡන්දයෙන් අන්ත දුෂිත දේශපාලුවන් රැසක් තාවකාලිකව ( එත් ඒ මෝඩයෝ හිතාගෙන ඉන්නේ සදාකාලිකයි කියලා ..) රටේ පාලනයට පත්වෙවිද...? පීසීආර් පරීක්ෂණ වාර්තාවක් ඉතාමත්ම ඉක්මනින් ,නිවැරදි ලෙස ලබාගන්නත් පැය 10 පමණ යනවා. මම මේ කියන්නේ ලෝකයේ දියුණුම රටවල.කටුනායක ගුවන්තොටුපොළේ තිබෙන ලැබ් එක ලංකාවේ තිබෙන ඉතාම කාර්යක්ෂම එකක්.