
ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D-printing) භාවිතයට ගනිමින්, පැය 6 කට වඩා අඩු කාලයකදී, දුම්රිය ස්ථානයක් එකලැස් කර අවසන් කිරීමට ජපන් ඉන්ජිනේරුවෝ පිරිසක් සමත් වූහ.
ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිතයට ගනිමින්, පැය 6 කට වඩා අඩු කාලයකදී, දුම්රිය ස්ථානයක් ඉදි කළ පළමු අවස්ථාව මෙයයි. ත්‍රිමාන තාක්ෂණයෙන් ඉදි කෙරුණේ හට්සුෂිමා දුම්රිය ස්ථානයයි.
බටහිර ජපාන දුම්රිය සමාගම, මෙම ඉදි කිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා, සෙරෙන්ඩික්ස් නමැති ඉදිකිරීම් සමාගමේ සහාය ලබා ගත් බව පැවැසෙයි.
හට්සුෂිමා දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ, වකයාමා ප්‍රාන්තයේ 25,000 ක ජනගහනයක් සහිත අරිඩා නගරයේ කොටසක් වන නිස්කලංක මුහුදුබඩ නගරයේය.
හට්සුෂිමා දුම්රිය මීට පෙර ලීවලින් නිර්මාණය කර තිබුණු අතර, එය ඉවත් කර මෙම නව එකලැස් කිරීම සිදුවිය.
රාත්‍රී 11:57 ට අවසන් දුම්රිය පිටත්ව යෑමෙන් පසු ත්‍රිමාණ අයුරින් මුද්‍රණය කර සාදා ගත් දුම්රිය ස්ථායේ කොටස් එකලැස් කිරීම ලහිලහියේ ඇරැඹුණ අතර, උදෑසන 5:45 ට පළමු දුම්රිය දුම්රිය ස්ථානයට ළං වෙද්දී සියලුම ඉදි කිරීම් කටයුතු අවසන් කර තිබුණි.
සාම්ප්‍රදායික ආකාරයෙන් මෙම දුම්රිය ස්ථානය ඉදිකිරීමට මාස දෙකකට වැඩි කාලයක් ගත වන අතර දෙගුණයක් වියදම් වනු ඇති බව බටහිර ජපාන දුම්රිය සමාගම පැහැදිලි කර ඇත.
ත්‍රිමාණ මුද්‍රණය යනු පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් සැලසුම් කරන ලද ත්‍රිමාණ වස්තුවක් ස්ථරයෙන් ස්ථරය ගොඩනැගීමේ ක්‍රියාවලියකි. ත්‍රිමාණ මුද්‍රණයේදී අවශ්‍ය කොටස් පමණක් නිර්මාණය කර ගැනීම සිදුවෙයි.
විශාල පරිමාණයේ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර භාවිතයෙන් ගොඩනැගිලිවල කොටස් හෝ සම්පූර්ණ ගොඩනැගිලි පවා මුද්‍රණය කළ හැකිය. මෙම තාක්ෂණය සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්‍රමවලට වඩා වේගවත්, අඩු වියදම් සහ පරිසර හිතකාමී විකල්පයක් ලෙස සැලකෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැය 6 කින් ත්‍රිමාණ දුම්රිය ස්ථානයක් හදලා