(රංජිත් රාජපක්ෂ )
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අභියස තිබු විශාල නුග ගසක කොටසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමෙන් ඇණ හිට තිබු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කළ බව තලවකැලේ පොලිසිය පැවසිය.
අද (22) අලුයම 5 ට පමණ මෙම නුග ගසේ කොටස කඩා වැටි තිබුණේ හැටන් නුවඑලිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ ලොගි වත්ත ප්‍රදේශයේදිය.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු නුග ගසේ කොටස තලවකැලේ ලිදුල නගර සභාව, තලවකැලේ සහ ලිදුල පොලිස් ස්ථාන වල නිලධාරින් සහ තලවකැලේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් එක් ව කපා ඉවත් කිරිමෙන් පසු පැය 5 කට පසු එම මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සඳහා නුවරඑළිය දිස්ත්‍රික්ක අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය කිසිදු සහයෝගයක් නොදුන් බව ඉතා කණගාටුවෙන් සඳහන් කරමි.