
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිවේගී මාර්ගයේ ඉකුත් පැය 48 ක කාලය තුළ (අද අලුයම 6 දක්වා) රුපියල් 7 කෝටි 55 ලක්ෂ 8100 ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පැවසීය
එම කාලය තුළ වාහන දෙලක්ෂ 56225 ක ප්‍රමාණයක් ධාවනය වී ඇතැයි ඒ මහතා කිය.
මාරාන්තික අනතුරු නොවීම විශේෂත්වයක් බවත් ධාවනය වූ වාහන ගැටීමෙන් අධිවේගී මාර්ගයේ ස්ථාන 41 දේපළවලට පමණක් අලාභ සිදු වී ඇති බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය , කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉකුත් 15 දින හා 16 දින භාවිතා කිරීමෙන් ආදායම ලැබී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සල්ලි වලින්වත් පාර නඩත්තු කරන්න. බම්පර්ස් තියෙනවා. කඩතොලු තියෙනවා. දෙපැත්තේ කැලෑව හැදිලා.
මේවායින් ලැබෙන ආදායම් මැදමූලනේ ගිණුමට බැර වෙනවද කවුද දන්නේ?
මේ වගේ මුළු අවුරුද්දම හම්බ කළත් ආණ්ඩුවේ සේවක පඩියයි, පෙන්ෂන් පඩියයි ගෙවන්න සල්ලි මදි කියලා දන්නවද?
චන්දන, අවුරුද්දට මිලියන මෙච්චරයි කියල කැටමැත දොඩන RDA එකේ තොරොට්ට් මීහරකට පුලුවන්නම් පනිවුඩයක් යොමුකරන්න try karannako අධිවේගී මාර්ග නඩත්තු කරන හැටි බලාගන්න යන්න කියන්න මැලේසියා - සිංගපූර් හයිවේ එකේ. fare එකත් හරිම අඩුයි. ඒකෙ නෑදෑයෝ අදින්නෙ නෑ. නිෂ්පාදන භාණ්ඩ ප්‍රවාහනය තමයි ලොකුම අාදායම. පාර දෙපස වවල තියන මල්ගස් වලින් මවන සොබා සිරි අසිරිය හරිම මනස්කාන්තයි.