
(නිමල කොඩිතුවක්කු)
රටේ නිෂ්පාදකයාට, පාරිභෝගිකයාට, ආදායමට පවා බදු අය කරන බවත් රටේ ප්‍රශ්නවලට විසඳුම පැය 24ම බදු ගැසීම නොවන බවත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආර්තික අර්බුදයෙන් රට ගොඩනැගීමට බදු වෙනුවට විකල්ප රාශියක් ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
ආර්ථිකය වර්ධනය කරන්න රජයට වැඩපිළිවෙළක් නොමැති නිසා බදු ගසන බවත් ඔවුන්ට ඇත්තේ ආර්ථිකය සංකෝචනය කරන වැඩපිළිවෙළක් බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
අනුරාධපුර කැකිරාව මුස්ලිම් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 199 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගැන හිතලා වැඩ කරන විපක්ෂ නායකවරයෙක් අපි ඔය දැක්කමයි..බස් දෙනවා.පාසැල් උපකරණ බෙදනවා, ඉස්පිරිතාලවලට බෙහෙත් ,වෛද්‍ය උපකරණ ලබාදෙනවා.අනේ වාසනාවන්?
"බදු ගහන්නේ මොනවටද? මේ මගේ ආර්ථික ප්‍රතිපත්තිය අනුව ගෘහ කර්මාන්තයක් ලෙස හොර සල්ලි අච්චු ගැසීමෙන් ආර්ථිකයට දායකවිය හැක. ඒ වගේම ඒ ඒ ගම්වල ඇති නිධාන ගොඩගැනීමෙන් විශාල ආර්ථිකයක් ඇතිකළ හැකිය. මේවා මම නිකම් කයිවාරුවට කියන ඒවා නොවෙයි.. මාගේ ශ්‍රීමත් පියාණන්ගේ මග පෙන්වීම අනුව මමත් කරපු සද් කාර්යයන්..."
මගේ අම්මෝ අතේ බැඳලා තියෙන ලණු කැරැලි. හැබැයි මම දැකලා තියෙන්නේ වස්සන්ව බඳින්නේ කඹවලින් කියලා....!
බදු ගහලා, ණයට අරං නිකම් දෙනවා කොටසකට. මුන්ට පිස්සු .
නිධන් හොරුන්ට ,හොර සල්ලි අච්චු ගහපු අය බද්දෙන් නිදහස් . හරිම අසාධාරණයි තමා. අපිට බදු. හොඳටම කන්න බොන්න නැති වෙලේ , පෙට්‍රල් ටිකක් නැතුව පෝලිම් වල දුක් වින්ද කාලේ, අනේ ඇත්තට ඔක්කමලා හැංගිලා හිටිය වැසිකිලි වල .දැන් වැඩකාරයෝ , ඡන්ද කිට්ටු වෙද්දී .
පැය 24 මෙ බලය ගැසීමෙනුත් රටේ ප්‍රශ්න විසදන්න බෑ..