(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අමනාප වූ පෙම්වතිය ගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙ ඇල වූ බව කියන තරුණයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී එම තරුණියගේ තවත් නිරුවත් ඡායාරූප 4 ක් විශාල කර සකස් කර තිබියදී සොයා ගත් පොලිසිය නිරුවත් ඡායාරූප ඇතුළත් කර තිබූ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
23 හැවිරිදි පසුවන පැමිණිලිකාරිය හා සැකකරු මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර ඇති අතර පාසල් මිතුරෙකු වූ සැකකරු සමඟ මීට වසර එකහමාරකට පමණ ඉහතදී පෙම් සබඳතාවයක් හටගෙන තිබූ බව පොලිසිය කියයි.
කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුඹ නාඩන්, නුඹ නාඩන් ඕවා නුබට හොඳ පාඩම්...!
යාලුවෙලා ටික වේලාවකින්ම නිරුවතින් වීඩියෝ කෝල් ගන්නවා. පින්තූර යවනවා. හම්බවෙන පළමු දවසේදීම රූම් යනවා. ඔක්කොම පුදනවා...
ලංකාවේ ගොඩක් ඉන්නේ පිරිමි නෙවෙයි... නපුංසකයෝ...!
කපන, කොටන ඇසිඩ් ගහනවාට දහස් වාරයක් හොඳයි..
පොටෝ බලන්නේ නැතිව යමක් කියන්න අමාරුයි...!
මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 10ක් වෙන තැනටයි... අධර්මිෂ්ඨ යුගයකයි අපි මේ ගමන් කරන්නේ...!
ආදරයේ නියම අර්ථය නොදන්නා පිරිසක් තමයි වර්තමානයේ ආදරවන්තයෝ..., වන්තියෝ වෙලා ඉන්නේ. අපේ කාලයේ ආදරය කාම ආශ්වාදයෙන් කිළිටි නොවූ, බොහෝම ගව්රවනීය, උත්තරීතර සහ පූජනීය වූ බොහෝම සුන්දර දෙයක්. අදටත් අපිට ආදරය සහ කාලය බොහෝම සතුටින් මෙනෙහි කරන්න පුළුවන්..
දැන් ඉන්න කෙල්ලෝ හරි වනචරයි. ආදරේ කරන කාලේ කොල්ලට මොකටද කෙල්ලෝ ඕවා පොටෝවලට ගන්න දෙන්නේ. විලිලැජ්ජාව කියලා දෙයක් නැද්ද? දැන් කොහොමද කෙල්ල ගෙදරට, ගමට මුහුණ දෙන්නේ... රෙදි නැතිව ගම වටේ දිව්වා වගේ වැඩක්නේ මේ වෙලා තියෙන්නේ...!