(විනීතා එම් ගමගේ)

උත්සව සමය ආසන්න වෙත්ම පාරිභෝගික ජනතාවගෙන් පිරී ඉතිරී යන මහරගම පමුණුවේ රෙදි වෙළඳසල් මේ වසරේ එවැනි තදබදයකට ලක් නොවූ බව එහි කළ සංචාරයක දී දැකිය හැකි විය.
සාමාන්‍යයෙන් උත්සව සමයක් ආසන්න වෙත්ම පමුණුවේ රෙදි කඩවලට ඇදී එන පාරිභෝගිකයන් නිසා එහි මාර්ගයේ වාහන ගමනා ගමනය ද අපහසු වන නමුත් මේ වසරේ එවැනි තබදයක් නොමැති විය. 
එහි වෙළඳ සැල්වල ද විශාල පිරිසක් එක්ව නොසිටි අතර වෙළඳාම ද පෙර වසරවලට සාපේක්ෂව අඩුවිය. 
‘‘මිනිස්සු ළඟ සල්ලි නැහැ. වෙන ද නම් මේ වෙනකොට අපට කෙනෙක් එක්ක කතා කරන්න වත් වෙලාවක් නැති තරම් බිස්නස්. මේ අවුරුද්දේ එහෙම නැහැ. කොරෝනා නිසා වගේම මේ ආර්ථිකයත් එක්ක මිනිස්සු ලඟ සල්ලි නැහැ.’’ යැයි වෙළඳසැල් හිමියෙක් ප‍්‍රකාශ කළේය.