IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පීපල්ස් ලීසිං 26 වැනි සංවත්සරය සමරයි

 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 26 වැනි සංවත්සරය මැයි 31 වෙනිදාට යෙදී තිබුණි.

පීපල්ස් ලීසිං හි කළමනාකාරිත්වය සහ එහි කාර්යය මණ්ඩලය පැවසුවේ පසුගිය වසර 26 තුළ ඔවුන්ගේ සාර්ථකත්වයට ප්‍රධානම සාධකය වී ඇත්තේ ගනුදෙනුකරුවන්ගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ නොසැලෙන පක්ෂපාතිත්වය සහ විශ්වසනීයත්වය බවය.

110කට අධික ශාඛා ජාලයක් සහ 2400ක පමණ ශක්තිමත් ශ්‍රම බලකායක් සමඟින්, වර්ෂ 1996 දී ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම මේ වන විට දීර්ඝ ගමනක් පැමිණ ඇත.

26වන සංවත්සරය වෙනුවෙන් අදහස් දක්වමින් මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේහි සභාපති සුජීව රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. සමාගමේ මූල්‍ය සේවා ජනතාවට ප්‍රවේශ විය හැකි හා ඇතුළත් විය හැකි බවට පත් කිරීම ඒකායන අරමුණ බවයි. එසේම“සාමාන්‍යයෙන් වඩාත්  විධිමත් බැංකු ජාලයෙන් එම සේවා ලබාගැනීමට නොහැකි වන පුද්ගලයන්ට අපි මූල්‍ය ප්‍රවේශය ලබාදෙන” ‍බවද සමාගමට ශක්තිමත් ප්‍රාග්ධන පදනමක්, කාර්යක්ෂම කළමනාකරණ පද්ධතියක් සහ ක්‍රියාවලීන්, ගතික ශ්‍රම බලකායක් සහ ඉහළ තාක්‍ෂණික හැකියාවක්ද තිබෙනවා.  

පීපල්ස් ලීසිං සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සිලිං මහතා පැවසුවේ සමාගම නම්‍යශීලීභාවය සමඟ මිත්‍රශීලී, පුද්ගලාරෝපිත සේවාවක් ලබාදීම මගින් තම සමාගම අනෙක් තරඟකරුවන්ගෙන් වෙනස් වීමට අඛණ්ඩව කටයුතු කරන බවය.

-සටහන- චමින්ද මුණසිංහ

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේහි සභාපති සුජීව රාජපක්ෂ මහතා



අදහස් (0)

පීපල්ස් ලීසිං 26 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site