
(ප්‍රදීප් කුමාර )
කිලිනොච්චියේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවය පොලීසිය කියයි.
කිලිනොච්චි තට්ටුවාන් කෝට්ටේ ප්‍රදේශයේදී අද (29) දා මෙම පිපිරිම සිදුව තිබේ.
අතහැර දමා තිබු නිවසක කැනීම් කටයුත්තක් සිදු කරමින් සිටියදී වල දමා තිබු බෝම්බයක් පුපුරා ගොස් අදාළ පුද්ගලයින් දෙදෙනා තුවාල ලබන්නට ඇති බවට සැක කෙරේ.
ඒ අනුව බරපතල තුවාල ලැබූ පුද්ගලයින් කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇති අතර කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි ජාතික ආරක්ෂාව අනතුරේ, කෝ මේ යෝගා ගුණරත්න? හමුදා කඳවුරු ඉවත්කරනවෝ...