(උදුගොඩ - වාර්තාකරු)

බුලත්කොහුපිටිය පන්නල ප්‍රදේශයේ දී අද (29) වෑන් රථයක් ප්‍රධාන මාර්ගයේ තිබු බෝක්කුවක් අසලින් මාර්ගයෙන් ඉවතට පෙරලී යාමෙන් එහි රියදුරු තුවාල ලබා  මියගොස් ඇති බව රුවන්වැල්ල පොලීසිය පවසයි.

මෙම අනතුරින් මරණයට පත්වුයේ පන්නල උතුර ප්‍රදේශයේ පදිංචි අවු:  56  වන එම්.තිලක් කරුණාතිලක  තිදරු පියෙකි.

මෙම අනතුර සිදුවු ස්ථානයේ 01/27 දින ද රාත්‍රී  සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මරණයට පත්වු අවදානම ස්ථානයක් බවත් පොලීසිය කියයි.

මියගිය අය තමන්ගේ බිරිද සහ තවත් දරුවෙකු සමග පාන්දර ගමනක් ගොසින් සිය නිවස බලා එන අත‍ර මගදී මෙම අනතුරු සිදුව ඇති බවත් අනතුරින් දරුවාද තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.

රුවන්වැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිළදාරීන් වැඩ්දුරටත් පරීක්ෂණ පවත්වති.