(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයකු ඊයේ (19) රාත්‍රියේ පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
ඔහු ඇහැලියගොඩ ආදාගොඩ පදිංචි 43 හැවිරිදි ෂෙල්ටන් ප්‍රේමරත්න නැමැත්තෙකි.
එම පුද්ගලයා කොළොන්නාව මීතොටමුල්ල විහාර මාවතේ බේකරියක සේවයේ යෙදෙමින් සිටියදී ඉකුත් 13 වෙනි දින පී. සී. ආර්. පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව ඔහුට කොවිඩ් -19 වයිරයස වැළඳී ඇති බවට 17 දින අනාවරණය වී තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මත්කුඩුවලට ඇබ්බැහි වී සිටි මෙම පුද්ගලයා වහාම අත්අඩංගුවට ගැනීමට හා ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය බැවින් යම් තොරතුරක් වෙතොත් කරුණාකර වාලච්චේන පොලිසියේ ස්ථානාධිපති ;වරයාගේ 0718591138 දුරකථන අංකයට හෝ ළඟම ඇති පොලීසියට හෝ 119 මධ්‍යස්ථානය වෙත දන්වන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මේ ආකාරයෙන් පලායන රෝගීන්ට ආරක්ෂාව රැකවරණය ලබාදීම ලංකාවේ නිරෝධායන නීතිය යටතේ මෙන්ම අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර එවැනි ක්‍රියාවලින් වළකින ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් දන්වා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd