මුදිතා දයානන්ද
රටේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස රුපියල් පන්දාහේ නෝට්ටු අවලංගු කරන ලෙස තමන් රජයට යෝජනා කරන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා අද (16) පැවසීය.
විජේසුරිය මහතා මෙසේ පැවසූයේ රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
රටේ පවතින ආර්ථික අර්බුදයට පිළියම් ලෙස ආනයන සීමා කරනවාට වඩා දේශපාලඥයින් තමන්ගේ ප්‍රතිරූපය ඉස්මතු කරගැනීම සඳහා විශාල ධනස්කන්ධයක් වැය කරමින් පවත්වනු ලබන උත්සව නැවැත්වීම සුදුසු බවද විජේසූරිය මහතා එහිදි පැවසීය.
ඇන්.ඇම්.පෙරේරා මහතා මුදල් ඇමැතිකම දරපු කාලයේ ඇතිවු දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ රුපියල් පනහේ සීයේ නෝට්ටු අවලංගු කිරීමට තිරණය කළ බවද එයින් මලූවල හෝ පෙට්ටිවල අසුරා සඟවා ගෙන සිටින කලූ සල්ලා එලියට ඇද ගැනීමට හැකිවූ බවද අදත් රුපියල් පන්දාහේ නෝට්ටු අවලංගු කිරිමෙන් එදාට වඩා අද වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.
විවිධ ආකාරයට සාවද්‍ය ලෙස උපයා ගත් මුදල් ගෝනිවල අසුරා තමන් සතුව තබාගන්නා ස්ථාන ගණනාවක් අනාවරණය වි ඇති බවත් ඇතැම් විහාරස්ථාන මෙන්ම ඇතැම් දේශපාලඥයින් සතුවත් මෙවැනි පන්දාහේ නෝට්ටු බන්ඩල් කර පෙට්ටිවල අසුරා තබාගෙන සිටින අතර ඇතැමුන් සතුව කන්ටේනරයක් පිරවිය හැකි තරම් එවැනි මුදල් බන්ඩල ඇති බවට තොරතුරු තොරතුරු අනාවරණය වී ඇති බවද විජේසුර්ය මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්....
ඉතින් මෙහෙම මුදල් ගෝනිවල අසුරා තිබෙන බව දන්නවනම් එෆ්සීඅයිඩී එකට හෝ ආදායම් බදු දෙපර්තමෙන්තුවන්ට දැන්නුවනම් ඉවරයි නේ ............ අනික ඔබතුමාලට ලැබුණු මුදල් ගැනත් හෙළිදරව් කරානම් තමා හොඳ.
මම මේ නිකන් අහන්නේ . ඩොලර් වලින් තියා ගත්තාට කමක් නැත්ද.?
ඉතාමත් හොඳ කාලෝචිත විසඳුමක්... හැබයි අශ්වයා පැනයන්න පෙර ඉස්තාලයේ දොර වැසිය යුතුයි.
බොහෝ අය සඟවා ගෙන තියෙන්නෙ මුදල් නොවේ රත්තරන්.
ඒක නම් හොද අදහසක් නොවේ. සාධාරණ හේතු නැතිව ආණ්ඩුවලට ඕන ඕනා තාලයට මුදල් නෝට්ටු අවලංගු කරන්න ගියහොත් රටේ මුදල් පිලිබදව රටතුලත් ජාතියන්තර විශාල අවිස්වාසයක් හා සැකයක් ඇතිවේවී. එහෙම උනාම රටේ ආර්ථික ක්‍රියාවලිය අඩපණ වේවී. ආයෝජකයෝ රටතුල මූදල් ආයෝජනය කරන්න අකමැතිවේවී. ඒවගේම සාධාරණ ක්‍රම මගින් මුදල් ඉපයු ජනතාවවත් හානියක් තමයී වෙන්නේ.
තියෙන තැන් දන්නවනම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට දැනුම් දෙන්න ඔන.
මෙතුමා හරි.. මෙතුමා ළඟ තියෙන්නේ ඩොලර්නේ.. වැඩියෙන් කෑ ගහන තරමට තමයි ඩොලර් මලු ලැබෙන්නේ...
නියම වැඩක්. ඉන්දියාවේ මෝදී කලා වගේ. කළු සල්ලි ඔක්කොම එලියට එනවා.
මාර බුද්ධිමත් යෝජනාවක්නේ ආචාර්යතුමා. අපිට ආචාර්ය උපාධි නැති නිසා නොතේරෙනකමටයි මේ අහන්නේ. ඔය කියන්නේ දැන් අපේ අතේ රුපියල් දාහේ නෝට්ටුවක් තිබෙනවානම් ඒක අවලංගු කරලා අපේ අතේ තිබුණු සල්ලි වල වටිනාකමක් නැති කරන්න කියලද? එහෙම නැතිනම් ඒ රුපියල් පන්දහේ නෝට්ටුව අරගෙන ඒ වෙනුවට දාහේ කොළ නැතිනම් සියේ කොළ දෙන්න කියලද? එත් එහෙම කලොත් එකෙන් කොහොමද අර්බුදේ නැති වෙන්නේ? මම මේ අහස පොලොව ගැටලන්න කල්පනා කරලා බැරි තනි අහන්නේ. ඒ මදිවට එහෙම මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි එකපාරට අවලංගු කරන්න පුලුවනිද එව්වගේ වටිනාකමට සියේ පනහේ කොළ වලින් හරි මුදල් නොදී. මම කියන්නේ මේ සියේ කොළ වලින් අතේ සල්ලි තියෙන කට්ටියට එව්වා තියාගන්න දීලා පන්දහේ කොළවලින් තියෙන කට්ටියගේ සල්ලිවල විතරක් වටිනාකමක් නැතිකරලා.
මෙයා ගිල්ලේ ඩොලර්නේ... ඒ නිසා මෙයාට ප්‍රශ්නයක් නැතුව ඇති...
බදු නොගෙවන හා වංචනිකව උපයන අය මීට විරුද්ධ වේ. ඔවුන්ගෙන් බහුතරය ඉතා බලවත් බැවින් මෙවැන්නක් කිරීමට ඉඩ නොලැබෙනු ඇත .
මේ වැඩේ ඉන්දියාව කළා. මතකද වෙච්ච අවුල.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාර