IMG-LOGO

පානදුර සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

( සුමිත් පොතුපිටිය ,සමන් කාරියවසම් ,බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පානදුර වෙළෙඳ සංකීර්ණයේ සිව්මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ අද(26) පස්වරුවේ  ගින්නක් හටගෙන ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. 

පානදුර ආතර් වී දියේස් මාවතේ සිව්මහල් ගොඩනැඟිල්ලේ පහත මාලයේ සහ දෙවන මාලයේ  පූජාභාණ්ඩ වෙළෙඳ සැලක් පවත්වාගෙන යන අතර , පවුලක් පදිංචිව සිටින  තුන්වන මහලේ ගින්න හටගෙන තිබුණි.

ගින්න හටගන්නා මොහොතේ කුඩා දරුවෙකු සමග දෙමාපියන් සිට ඇති බවත් ඔවුන් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ දිවිගලවා ගෙන ඇතැයි පොලිසිය පවසයි .

මොරටුව නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා යාබද ගොඩනැගිලි වලට ගින්න පැතිර යාමට ප්‍රථම මැඩ පැවැත්වීමට ගිනි භඨයින් සමත්ව ඇත  .

ගින්නට හේතුව  ස්ථිර වශයෙන් අණාවරණය වී නොමැති බව මොරටුව ගිනිනිවන ඒකකය පැවසීය.

 



අදහස් (0)

පානදුර සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 69 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site