
(සුමිත් පොතුපිටිය)
පානදුර මූලික රෝහල ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , හිරණ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම්, ආහාර පාන සහ මූල්‍යමය පහසුකම් සැලසීම සහ එදින ඔත්තු බැලීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි .
වෙඩි ප්‍රහාරය එල්ල වන දිනයේදී , සැකකරු තවත් යතුරුපැදියකින් ප්‍රදේශයේ ඔත්තු බලා ඇති බවද අනාවරණය වූ බව පොලිසිය කියයි.
එමෙන්ම පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරු මත්කුඩු ප්‍රවාහනයේ යෙදෙන කාලසීමාවේ ප්‍රදේශයේ ඔත්තු බලා විදේශ රටක සැඟව සිටින ප්‍රධාන ජාවාරම්කරුවෙකුට තොරතුරු ලබා දී අනාවරණය වූ බව වැටලීම් සිදු කරන නිලධාරියෙක් කීය .
වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව , සැකකරුවන් සැඟව සිටියදී ඔවුන්ට ආහාර පාන ලබා දීම සහ විදේශ රටෙහි සැඟව සිටින ප්‍රධාන ජාවාරම්කරුවෙකුගේ උපදෙස් මත වෙඩික්කරුවන්ට රුපියල් 65000 ක මුදලක් ලබා දීම ඇතුළු ක්‍රියාකාරකම් සදහා ද සහායවී ඇති බවද හෙළිව ඇතැයි පොලිසිය කියයි .
සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 8 යි මිලිග්රැම් 720 ක් සහ අපරාධයට සහාය දැක්වීමට යොදාගත් යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක් සදහා රැදවුම් නියෝග ඉල්ලුම් කරන බවද පොලිසිය කියයි .
මේ වන විට පානදුර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් කීය .
අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ.නයනජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd