(සුමිත් පොතුපිටිය)

පානදුර දී ගිලන් රථ රියැදුරුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සැකකරුවකුගෙන් ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ.නයනජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී  සෙමි 9 ක් දිගැති  මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ,විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක්, යුධ හමුදා සංග්‍රාමික නිල ඇඳුම් කට්ටල දෙකක්, ආරක්ෂිත කබා දෙකක් සහ නවාතැන් දුන් පුද්ගලයා සතු වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ .