(සුමිත් පොතුපිටිය)
පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන්රථ රියදුරුට වෙඩි තැබීමට සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (08) රාත්‍රි අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු මීට ප්‍රථම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට පත්ව , අධිකරණයෙන් ඇප මත සිටින පුද්ගලයකු බව පොලිසිය කියයි.
සිද්ධිය වූ දින සැකකරු යතුරුපැදියේ පසුපස වාඩි වී පැමිණි පුද්ගලයකු බවත්, ගිලන් රථ රියැදුරුට වෙඩි තැබීමට උත්සාහ දරා ඇති පුද්ගලයකු බවට කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන වනවිට සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ඇප මත නිදහස් වේවි... මාධ්‍යය මේ ගැන නිහඬ වේවි..!