(පානදුර සුමිත් ප්‍රේමතිලක)
පානදුර මූලික රෝහල ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාල පැමිණිලිකාර ගිලන් රථ රියදුරා අද (03) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු 48 හැවිරිදි තිදරු පියකු බවත් , පළමු කසාදයෙන් වෙන්වී අනියම් බිරිඳ සමග හොරණ වවුලුගල ප්‍රදේශයේ පදිංචිව සිටින අතරතුර ප්රිධාන මත්කුඩු ජාවාරමකට සම්බන්ධව කටයුතු කර ඇති අයකු බවත් පොලිසිය කීය .
කළුතර උතුර , තොටුපොළ පාරේ පදිංචිව සිට ඇති සැකකරු පළමු කසාදයෙන් වෙන්වී අනියම් බිරිඳ සමඟ ජීවත් වන කාලය තුළදී ජාවාරමේ නිරතව සිට ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි .
ඉකුත් ජනවාරි 27 දා දහවල් ගැබිනි කාන්තාවක පානදුර කේතුමතී කාන්තා රෝහලේ සිට පානදුර මූලික රෝහල වෙත රැගෙන එමින් සිටියදී යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු පානදුර මූලික රෝහලේ ප්රලධාන දොරටුව ඉදිරිපිට මග හරස් කොට සැකකරුට වෙඩි තැබීමට උත්සාහ දරා තිබුණි .
පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඇති අතර , කළුතර අපරාධ කොට්ඨාසය අධ්යික්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ. නයනජිත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායම වින්දිත ගිලන් රථ රියදුරුගෙන් ලද දිර්ඝ ප්රලශ්න කිරීම්වලින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකරු 2018 වර්ෂයේ සිට පානදුර කේතුමතී රෝහලේ රාජකාරි කර ඇති බවත් , වසරකට අධික කාලයක සිට දිවයිනේ ප්රිදේශ රැසක සිට මත්කුඩු කිලෝ සියයකට අධික ප්රකමාණයක් ප්රවවාහනය කරමින් මත්කුඩු ජාවරමට සම්බන්ධව ඇති බවත් තහවුරු වී ඇතැයි පොලිසිය කියයි .
තවද එදින විවිධ වීමට පැමිණි බව කියන යතුරුපැදිකරුවෙකු සහ පසු පැදිකරුවෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි .
අත්අඩංගුවට පත් එක් සැකකරුවෙකු සන්තකයේ තිබී විදේශ රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 ක් ද පොලිසිය සොයාගෙන තිබේ.
අනෙක් සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ ගණනින් මුදල් සංචරණය වූ බැංකු පාස් පොත් කිහිපයක් ද , ජාවාරමට අදාළව සිදුකරන ලද දුරකථන ඇමතුම් වාර්තා ද අධිකරණයට ඉදිරිපත්කර සැකකරුවන් තිදෙනා සදහාම රැඳවුම් නියෝග දින හතක් ලබා ගැනීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය .
සැකකරු කලක පටන් සිදුකර ඇති ජාවාරම සඳහා උසස් නිලධාරීන්ගේ සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ කිහිපදෙනකුද සහයෝගය දක්වා ඇති බවත් , ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි .
අත්අඩංගුවට පත් ගිලන් රථ රියැදුරා සහ අනෙක් සැකකරුවන් දෙදෙනා අද (03) රාත්‍රී පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්යරක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් පරිදි, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ.නයනජිත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැටලීම සිදු කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු කසාදයෙන් වෙන් වෙලා වෙනත් කෙනෙක් සමග ඉන්නවා නම් ඇය අනියම් බිරිඳ වන්නේ කොහොමද?