
(සුමිත් ප්‍රේමතිලක සහ රේඛා තරංගනී ෆොන්සේකා)
පානදුර පෞද්ගලික බස් රථ ගණනාවක් අද (11) වර්ජනයක නිරතවන ලදී .
දුර ගමන් සේවා බස් රථ පානදුර නගරය පසුකර ගමන් කිරීමේදී, බස් නැවතුම්පොළේ නවතා මගින් නංවා ගැනීමට එරෙහිව ඔවුන් මෙසේ වර්ජනයේ නිරතව ඇත .
අංක 100, 101,142 සහ 183 දරණ මාර්ග අංක වලට අයත් පානදුර සිට මොරටුව, නුගේගොඩ සහ කොළඹ දක්වා ගමන් ගන්නා බස් රථ මෙසේ ධාවනයෙන් ඉවත්ව ඇත .
බස්රථ 150 කට අධික ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත්ව ඇතැයි බස් රථ හිමියන් පවසති.
අදාල මාර්ග අංක වල ගමන් ගන්නා, මගින් දැඩි අපහසුතාවයකට පත්ව සිටින අයුරක් දැක ගැනීමට හැකි විය .
(ඡායාරූප: සුමිත් ප්‍රේමතිලක)
(ඡායාරූප: රේඛා තරංගනී ෆොන්සේකා)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පෞද්ගලික ප්‍රශ්න . ලං.ග.ම. ට තියෙන්නෙ වැඩියෙන් බස් ටිකක් දුවලා හොඳ ආදායමකුත් අරගෙන ජනතාවටත් සේවයක් කරන්න. එහෙම වෙන්නෙ නැති එකයි ප්රශ්නය. අපි නොදන්නවාට හොරු කියන්නෙ ලොකු අන්‍යේන්‍ය සම්බන්ධතාවක් තියන් ඉන්න අය.
ගාට ගාට යන්නෙ නැතුව ඉක්මනින් යනව්නම් අපිත් ඕවට යන්න නගිනවා. බම්බලපිටියෙ ඉදන් දුර බස් එකක් විනාඩි 15න් යද්දි මොරටුව පානදුර බස් විනාඩි 45කට වඩා ගන්නවා.හරියට වෙලාවට මිනිස්සුන්ට එපා වෙන්නෙ නෑතුව යනවනම් මිනිස්සුත් ඕවට නගීවී
මම යන්නෙ මේ බස් වල. කිසිම අපහසුවක් නෑ... හරිම පහසුයි. මේ බස් ටික තමයි ගාලුපාරෙ ට්රැෆක් මවන්නේ... මුන් යන්නෙත් නෑ යන වාහන වලට යන්න දෙන්නෙත් නෑ. වේලාසය ඉක්මණකට යන්න යන මිනිස්සුන්ට හිටගෙන හරි අන්තර් නගර බස් එකකට නගින්න දෙන්නෙත් නෑ. පුලුවන් නං මේ විස බීජෙ අයිං කරන්න. මොරටුව පිටකොටුව බස් 10ක් තිබුනාම හොදටම ඇති. අනිත්වත් ඒ ගාන ඇති. රටේ ගමනාගමන වේගය පැ.කි 6 වෙලා තියෙන්නෙ මෙන්න මුන් නිසා.. තමන් දියුණු වෙන්නෙත් නෑ. මිනිස්සුන්ට දියුණු වෙන්න දෙන්නෙත් නෑ.. රටට දියුණු වෙන්න දෙන්නෙත් නෑ... පුදුම කාලකන්නි.. බලධාරීන්ගෙ ඇස් කන් ඇරේවා...
දුර ගමන් බස් රථයේ පැය භාගයට යන ගමන 101,100 බස් රථයේ ගියොත් පැය 1.25 යන බවත් මගීන් එමනිසා දුර බස් වලට ගොඩවන බවත් 101,100 බස් රථ මගීන්ගේ කාලය නිකරුනේ කා දමති
පානදුර සිට දුර ගමන් යන මගීන් මේ ගොබ්බයින් දුරගමන් රැගෙන යනවාද? පානදුරේ සිට නුවරට යන මගියා නුවර බස් එකේ නගින්නේ නැතුව මොරටු බස්එකේ නගින්නද කියන්නේ? පානදුරේ කියන්නේ ප්‍රධාන නගරයක්.