(සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදි දෙකකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් සිව්දෙනකු පානදුර මූලික රෝහල් ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද දහවල් ගිලන්රථ රියදුරකුට වෙඩිතබා පලාගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර , උණ්ඩය නිසියාකාරව පත්තු නොවීමෙන් කිසිවකුටත් හානි සිදුව නැතැයිද පොලිසිය කීය.
පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන්රථ රියදුරකු ඉලක්ක කරගනිමින් වෙඩිතැබීම සිදුකර ඇති බවත් , හෙරොයින් මත්කුඩු කිලෝ 45 ක් යුදහමුදා වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔත්තුවක් ලබාදීම වෙඩිතැබීමට ආසන්නතම හේතුව බවට හදුනාගෙන ඇති බවත් පරීක්ෂණ පවත්වන නිළධාරියෙක් කීය.
ගිලන්රථය දහවල් 11.15 ට පමණ පානදුර කේතුමතී කාන්තා රෝහලෙන් පිටත්ව පානදුර මූලික රෝහලට පැමිණ ඇති අතර , ගිලන්රථය ලුහුබැඳ පැමිණි තුවක්කුකරුවන් , රථය පානදුර මූලික රෝහලට ඇතුල් කරනවාත් සමගින් ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී වෙඩිතබා මොරටුව දෙසට පලාගොස් ඇති බවට ලද තොරතුරු මත පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.
වෙඩිතැබීමට පැමිණ තුවක්කු කරුවන් පිස්තෝල දෙකක් රැගෙන පැමිණ ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පොලිසිය සදහන් කරයි.
වෙඩි තැබීම සඳහා මිමි 9 වර්ගයේ ගිනි අවියක් භාවිතා කරන්නට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් වැටී තිබුණු ජීව උණ්ඩයක් සොයාගත් බවත් පොලිසිය කියයි .
(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)
(ඡායාරූප: සුමිත් ප්‍රේමතිලක)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පානදුර නගරයේදී වෙඩි තැබීමක්