
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමේ එක් පියවරක් ලෙස පැන්ඩොරා පත්‍රිකා වලින් හෙළි කරන ලද ඩොලර් ටික වහාම රටට ගෙන එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එවිට ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නොවන බව ද ප්‍රේමදාස මහතා කීය.
ලංකාව අපනයන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට අප අවතීරණ විය යුතුව තිබෙන බව ද විපක්ෂ නායකවරයා කීය.
මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි විපක්ෂ නායකයා හැටියට පැන්ඩෝරා පත්‍රිකාවල තිබෙන ගණුදෙණු විස්තරවලට විරුද්ධව නඩුවක් දාන්නේ නැත්තේ? එච්චර හිත් රිද්දන්න අකැමැති නිසාද? ඔතන ආයාචනා කර කර ඉන්න වැඩේ ලේසියිනේ.. ඔයත් කටින් බතල කොළ හිටව හිටවා ඉන්න. රට බේරගන්නවත්, දියුණු කරන්නවත් ඔයාටත් කිසිම සැලසුමක් නැහැ කියා අපි දන්නවා.
පුතාණෝ කට ඇරියොත් කියන්නේ අපත කතාවක් තමයි. ඊට වඩා නරකද බැංකු සුද්දෙන් ගත්ත ඩොලර් ටිකක් යහපාලන අගමැති රනිල්ගෙන් ඉල්ලලා දුන්නානම්...
කට ඇරියොත් ගැලරියේ කතාවක්... අතන මෙතන තිබුණා කියලා ආපහු ගේන්න බැහැ. ඊට අදාළ නීති සම්මත කරලා ඒ සල්ලි තියෙන රටවල් එක්ක ගිවිසුම් ගත වෙන්න ඕනේ... ඒ මුදල් නැවත ගෙන්වා ගැනීමට. පක්ෂ විපක්ෂ හොරුන්ගෙන් පිරුණු ඔය පාර්ලිමේන්තුවේ ඒක ඉතින් හීනයක් විතරයි.
අර සේප්පුවේ තිබුණු ඩොලර් සහ රුපියල් වලට මොකද වුණෙ දන්නෑ නේද?
මොකක් හරි වෙලා ටික දිනක් ගියාට පස්සේ මෙයා ෆෝම් වෙනවා. පහුවදාට ඇවිත් වරප්‍රසාද වලට මුවාවෙලා කියවනවා. වෙන්න ජනපති නිසා ඔය පැන්ඩෝරා සල්ලි ගේන්න විදියකුත් කියලා ඒ හොරු ගැන රට්ටුන්ට කියන්න එපැයි...
මෙයාලගේ ආණ්ඩු තියෙන කාලේ තමයි මහ බැංකුව මහදවල් හොරකන් කලේ.. අපි නොදන්නවා කියලා හිතන් ඉන්නවාද දන්නේ නෑ.. JVP සුනිල් හඳුන්නෙත්ති කෝප් එකේ නොහිටින්න අපි මෙව්වා වෙනවා කියලා.. හාන්කවිසියක් දන්නේ නැතිවෙයි. මේ දෙගොල්ලන් මේ රට අවුරුදු 73ක්ම කෑවා. පසුගිය හිටපු සියලු ආණ්ඩුවල වැරැදි තමයි මේ විඳවන්නේ. නුඹලාව විශ්වාස කරලා තමයි අපි නුඹලාව 2015 පත් කරගත්තේ.. ආයේ දෙගොල්ලගෙන් එකෙක්ටවත් අපේ පවුලේ ඡන්ද නම් නෑ..
ඔබතුමා රටේ ජනතාව වෙනුවෙන් පැන්ඩෝරා පත්‍රිකා ගැන අධිකරණයෙන් යුක්තිය ඉල්ලා නීතිමය පියවරක් ගන්න.
සර් ෆේල්.., මොනවා කළත් වැඩක් නැහැ... බයියන්ට ඉන්න හිටින්න රටක් තිබ්බොත් ඇති.
අනුවණ මෝඩ අදහස් දාන සමහරුන් පළමුව ඉගෙන ගන්න පාර්ලිමේන්තුව කියන උත්තරීතර තැන තියෙන්නේ ඔය දේවල් කතා කරන්න තමයි.
ඔබතුමා ඔය ගැන යුක්තිය ඉල්ලා කතාකිරීම හොඳයි.. ඒත් අපි දන්නවා ඔය සභාවෙන් කවදාවත් සාධාරණයක් වෙන්නේ නැහැ කියලා... එය එසේනම් ඊළඟ පියවර ගන්න අධිකරණයෙන් හෝ යුක්තිය ඉටුකර ගන්න පියවරක් නොපමාව ගන්න.
එතකොට ජෙප්පන් කියයි කළු සල්ලි සුදු කරනවා කියලා...
මෙයා පාර්ලිමේන්තුවේ කෑගැහුවට වැඩක් නෑ. මෙයාගෙ පක්ෂයේ අයත් රටේ බැංකුවල ඉතුරුවෙලා තියන ඩොලර් ටිකත් අරන් පිට රට යන ගොඩේ ඉන්නකොට. ඊයේ පෙරේදා දැනගන්න ලැබුණා තරමක් කාලේකට කලින් පළාත් සභාවක ඉඳලා පැරදිලා දැන් ගෙදර ඉන්න පරණ අලි මන්ත්‍රීවරියක් (දැන් එයත් සජිත් පිලට ඉන්නේ), ඕස්ට්‍රේලියාවට ආවා කියලා නිවාඩුවක් ගන්න. ඒ එනකොට ඩොලර් දහස් ගණනක් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගෙනා බව දන්නේ එයාට බැංකුවෙන් ඩොලර් අරන් දීපු එක්කෙනා කියපු නිසා. එයා බැංකුව ඇතුලේ වැඩ කරන අය ඔහොම ඩොලර් දෙන්න සුදුසුකම් නෑ කිව්වම බැනලා අරගත්තු බව කියලා තිබෙනවා මගේ යාලුවෙක්ට. ඒ තැනැත්තිය ඒ බැංකුවේ ඉහළම නීති උපදේශ කෙනෙක්. ඒ නිසා කෑගැහුවම දුන්නලු. මේ මන්ත්‍රීවරිය බලන්න ආවේ අවුරුදු 50ක් විතර වයසක පුතෙක්. ඉතින් මේ හිටපු මන්ත්‍රීවරිය ඉගෙනගන්න වයසේ දරුවන් වත් නැතුව ගිය සුමානයේ ලංකාවෙන් එළියට ගෙනාවේ මම වගේ අය තවමත් ලංකාව ඇතුලට එවන ඩොලර් නේද කියල මගේ යාළුවා කිකිව්වේ සජිත්.සකෑගහන්නෙ ඔහුගේ කිල්ලොටයේ තිබෙන මේ වගේ හුණු කෑලි ගැන දැනගෙනද නැත්නම් යට සිදුවෙන දේ ගැන ඔහු දන්නේවත් නැතුවද?