
(එම්. සුසිල් ප්‍රියන්ත)
මීටියාගොඩ ඉන්ධන පිරවුම් පොළ අසල අද (25) රාත්‍රියේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කොට ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි.
ඝාතනයවී ඇත්තේ මීටියාගොඩ ඩොමී ජයවර්ධන මාවත ලිපිනයේ පදිංචි යූ.එච්. තරිදු ගුණසේකර නමැති විසිහය හැවිරිදි අයෙක් බවද පොලීසිය කියයි.
මීටියාගොඩ ඉන්ධන පිරවුම්පොළ අසලදී පිරිසක් විසින් මේ පුද්ගලයාට තියුණු ආයුධවලින් පහරදී ඇති බවත්, පහරදුන් අය පසුව ඔහුගේ එක් අතක් කපාගෙන ගොස් මීටියාගොඩ හතරමංහන්දිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගැනුනු බවත් පොලීසිය කියයි.
මීටියාගොඩ පොලීසිය මේ පිලිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ගැන දවස පුරාවටම මාධ්‍යවලින් පුරසාරම් කතා කළාට හරියට නීතියක් තිබුණා නම් ඔහොම වේවිද?
සරත් වීරසේකර මහතාව නින්දෙන් අවදි කළා නම් හොඳයි.
කෝ මේ නන්දිකඩාල්.. කෝඳුරුවෙකුටවත් රිංගන්න බැරිවෙන්න හිල් වහනවා කීවනේ...