
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක් තුළ පිහියකින් ගෙලකපා ඝාතනය කළ බවට සැක තරුණියකගේ මළසිරුරක් හමු වූ බව පානදුර උතුර පොලිසිය සදහන් කරයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක නීතිය හදාරන නදුනි සහශ්‍රි කුරේ නමැති 26 හැවිරිදි තරුණියක බව පානදුර උතුර පොලිසිය සදහන් කරයි.
ඝාතනයට ලක්ව ඇති කාන්තාව පානදුර ගොරකාන ගල්කනුව පාරේ නිවසන කුලී කාමරයක පදිංචිව සිට ඇති අතර , නිවසේ කාමරය තුලින් අධික දුර්ඝන්ධයක් හමන බැවින් දොර කඩා පරීක්ෂා කිරීමේදී මළසිරුර සහ ඒ ආසන්නයේ වැටී තිබූ ඝාතනයට යොදාගත් බවට සැක පිහියක් හමුව තිබේ.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් සහ ඇගිලි සලකුණු නිළධාරින් පරීක්ෂණ පවත්වන අතර, පානදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd