(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක මුදල ප්‍රති ව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාවක් තිස් දෙනකුගෙන් සමන්විත පුද්ගලික ණය හිමියන්ගේ කමිටුවක් ශ්‍රී ලංකාව වෙත ඉදිරිපත් කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාව ණය ගෙවීම තාවකාලිකව අත් හිටු වීමෙන් පසුව බැඳුම්කර හිමියන් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය බවද පැවසෙයි .
බැඳුම්කර කර හිමියන් ඉදිරිපත් කළ යෝජනාවේ ඇතුලත් වන කරුණු ප්‍රසිද්ධ කර නොමැති බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සහ බැඳුම්කර හිමියන් අතර හමුවක් වොෂින්ටනයේදී පවත්වා ඇති අතර දෙපාර්ශ්වයේ මූල්‍ය සහ නීති උපදේශකයන් එම අවස්ථාවට සහභාගී වී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පෞද්ගලික ණය හිමියන්ගෙන් යෝජනාවක්