
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක මුදල ප්‍රති ව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාවක් තිස් දෙනකුගෙන් සමන්විත පුද්ගලික ණය හිමියන්ගේ කමිටුවක් ශ්‍රී ලංකාව වෙත ඉදිරිපත් කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාව ණය ගෙවීම තාවකාලිකව අත් හිටු වීමෙන් පසුව බැඳුම්කර හිමියන් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය බවද පැවසෙයි .
බැඳුම්කර කර හිමියන් ඉදිරිපත් කළ යෝජනාවේ ඇතුලත් වන කරුණු ප්‍රසිද්ධ කර නොමැති බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සහ බැඳුම්කර හිමියන් අතර හමුවක් වොෂින්ටනයේදී පවත්වා ඇති අතර දෙපාර්ශ්වයේ මූල්‍ය සහ නීති උපදේශකයන් එම අවස්ථාවට සහභාගී වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd