
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස 60 දක්වා වැඩි කිරිමේ විධිවිධාන ඇතුළත් සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස පනත් කෙටුම්පත සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (17) සිට බලාත්මක විය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම පනත් කෙටුම්පත් දෙකේ අත්සන අද සහතික කළ අතර ඒවා බලාත්මක වූයේ ඒ අනුවය.
මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව පසුගියදා 11 වැනිදා සම්මත විය.
සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස පනත් කෙටුම්පත මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අරමුණු කර ඇත.
විශේෂයෙන් මෙතෙක් පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් නියමකර නොතිබුණ. බොහෝ විට පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා මෙතෙක් පාදක කර ගනු ලැබුවේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසී යැයි කම්කරු අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන බොරුද.? ගොඩක් පෞද්ගලික ආයතන වල විශ්‍රාම යන වයස අවුරුදු 55.
මීට අමතරව ආයතන වල ඉහල වැටුප් ලබන සේවක සංඛ්‍යාව ඉහල යෑම නිසා ලාභය අඩු වීම වැනි අර්බුදකාරී තත්ව මතු වීම වැනි අර්බුධකාරී තත්ව මතුවීම නවතනු නොහැක.
අවුරුදු 60 තෙක් කාලය දිගු කිරීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් වන හෙයින් පෞද්ගලික අංශයේ සියලුම සේවකයින් හට සෙත යහපත සැලසෙයි .
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සේවා කාලය අවුරුදු 60 තෙක් දීර්ඝ කිරීම ගැන මම ඉතා අගය කොට සලකමි .