
(ඩයනා උදයංගනී)
පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරිමේ ඩිජිටල් මෙවලමක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලබාගැනීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
එම ප්‍රදානය ලබාගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා අදාළ කටයුතු සිදුකිරීමටත්, එම ප්‍රදානය යටතේ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් තාක්‍ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව සඳහා ඒකීය වූ ඩිජිටල් අනන්‍යතා රාමුවක් ස්ථාපිත කිරීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් වශයෙන් ප්‍රමුඛතාවය ලබාදී ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවත්, ජෛවමිතික දත්ත මත පදනම්ව පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමේ උපකරණයක් හා සයිබර් අවකාශය තුළ පුද්ගල අනන්‍යතාවය නියෝජනය කළ හැකි ඩිජිටල් මෙවලමක් සහ එම උපකරණ දෙක සම්බන්ධ කිරීම මගින් ඩිජිටල් සහ භෞතික පරිසරයන් තුළ නිශ්චිත තහවුරු කළ හඳුනාගැනීමක් මේ යටතේ හඳුන්වාදීමට අපේක්‍ෂා කෙරෙන බව ඇමතිවරයා සඳහන් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර 2019 වසරේ දී පැවති ද්වීපාර්ශවික සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතාවය අනුව මෙම ප්‍රදානය ලබාදීමට නියමිතය.
ඇමති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් සල්ලි දුන්නේ නෑනේ .බඩු ගන්න ණයක් නේ දුන්නේ.ඕක ඉතින් ඉන්දියාවේ බඩු විකුණාගන්න කරපු වැඩක් කියලා ඕන මෝඩයෙක්ට තේරෙනවා ,අපේ උනුත් උඩ පැන පැන ගන්නවා.මහදැන මුත්තා සහ ගෝලයෝ ටික මීට වැඩිය ගොඩක් හොඳයි