(ඉන්දිකා රාමනායක)
ත්‍රිවිද හමුදාව හැරගොස් පොදු සමාකාලය තුළ හමුදාවට බාර වූ නිලධාරීන් 13 දෙනෙකු සහ සෙසු නිලයෙන් 8024 දෙනා අතරින් නිලධාරීන් 485 දෙනෙකු නැවත හමුදා සේවයට එක්වීමට කැමැත්ත පළකර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම පිරිස අතර යුද හමුදාවේ 359 දෙනෙක් ද, නාවික හමුදාවේ දෙදෙනකු හා ගුවන් හමුදාවේ 124 දෙනකු සිටින බව හමුදා ප්‍රකාශකවරයා කීය.
බාර වූ සමස්ත පිරිස අතරින් හමුදා සේවයෙන් ඉවත් වීම සඳහා නිලධාරීන් හත් දෙනෙකු සමඟ 5585 දෙනකු ඉල්ලුම්කර ඇති බවත් එම පිරිස සම්බන්ධයෙන් පරිපාලන කටයුතු සිදුකරමින් පවතින බවද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.
72 නිදහස් දිනයට සමගාමීව ඉකුත් මස 05 වැනි දින සිට 12 වැනි දින දක්වා මෙම පොදු සමාකාලය ප්‍රකාශයට පත්කර තිබිණි.
මේ අතර යුද හමුදාවේ නිලධාරීන් හත් දෙනෙකු සමඟ සෙසු නිලයන් 6091 දෙනෙක් ද, නාවික හමුදාවේ 774 දෙනෙක් ද, ගුවන් හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු සමඟ සෙසු නිලයන් 1159 දෙනෙක් ද සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම පිරිස අතර නිලධාරිණියක් ඇතුලු කාන්තා සෙබළියන් 257 දෙනකු සිටින බවද හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා සේවය හැර යන්නේ ඉහල නිලධාරීන්ගෙන් වන කෙනෙහිලිකම් අසාධාරනකම් නිසා. වෘත්තීය සමිති නිදහස නැති ඉහල නිලධාරියා කියන හැම දේම කල යුතු වහල් සේවය වගෙ රස්සවක්නේ. ඒවා නවත්වන්න කටයුතු නොකලොත් ඉදිරියටත් සෙබළු සේවය හැර යනවා.