(ඩයනා උදයංගනී)
පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කිරීම පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීම දුෂ්කර වන නිසා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවින් මෙම පියවර ගැනීමට තීරණය කළ බව ඇමතිවරයා සඳහන් කළේය.
ලොව වෙනත් රටවල ද මෙවැනි පියවර ගෙන තිබෙන බව ඇමතිවරයා කීවේය.
ඒ සඳහා කෙටුම්පතක් කෙටුම්පතක් සකස් කිරීමට අදාළ අංශවලට උපදෙස් ලබාදීමට ද මෙහිදී අනුමැතිය හිමිවූ බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මේ අතර මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බුර්කාව ඇතුළු මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම සඳහා තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම කුමක් වුවත්, රටේ ආරක්ෂාවට තර්ජනයක් වේ නම්, ඒවා තහනම් කළ යුතුයි. අපේ ආගමිකයන් මේ විදිහට, හඳුනාගැනීමට නොහැකි අයුරින් හැසිරෙනවා නම්, මුලින්ම විරුද්ධ වෙන්නේ අපියි. ඒකේ සැකයක් නැහැ. ප්‍රායෝගික ලෙසින් බැලුවත්, මේ ඇඟම වසා තිබෙන ඇඳුම් නිසා ඔවුන් නොසිතුවාට, ඔවුන් ළඟ සාමාන්‍ය අයට වඩා දැඩි දහදිය දුගඳ හමනවා. මුදල් තියෙන අය ඇඳුම් ගොඩක් ඇන්දත්, බොහෝ දුප්පත් අය එකම ඇඳුම කාලයක් අඳින අවස්ථා එමටයි. ඒ වගේ වෙලාවට පීඩා විඳින්නේ අනිත් අය. එබැවින් හොඳින් සිතා බලා මෙවන් ඇඳුම් වලට විශ්‍රාම ලබාදීමට කාලය පැමිණ ඇති බව දැන් හෝ සිතට ගැනීම අගනේය.
සර්ගේ ගමන යන්නේ හිමින්.. සර්ට ඡන්දය දුන්නු එක ගැන නිහතමානීව සතුටු වෙනවා. තාමත් සර් ෆේල් කියන අය නම් කුහකයි.
අප ඒ කාලයේ දුටුවේ සාරි පොටෙන් ඔළුව වසා ගත් මුස්ලිම් කාන්තාවන් ... පන්ජාබ්, සල්වාර් වලින් සැරසුණු මුස්ලිම් කාන්තාවන්... ඒ කාලයේ ඔවුන් අපේම බව අපට හැඟුණා. දැන් එහෙම නැහැ වගේ. සංහිඳියාව යන වචනයත් සමග මට මතක් වෙන්නේ ඒ යුගයයි.
දැන් රටට අවශ්‍ය එයයි..