
(හේවාහැට-එම්.දසනායක)
පාතහේවාහැට මැදගම පල්ලේගම ග්‍රාම නිලධාරී වසමේ ඊයේ (26) රාත්‍රී කාලයේ සිදුවූ නාය යාමකින් පස් කන්දකට යටවීමෙන් අඹුසැමි යුවළක් මරණයට පත්ව තිබේ.
මැදගම ගම්මානයේ පදිංචිව සිටි ගාමිණී හා පොඩිමැණිකේ නැමති අඹුසැමි යුවළක් මෙලෙස මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
රාත්‍රී දහයට පමණ නාය යාම සිදුව ඇති අතර කර්මාන්ත ශාලාවක රාත්‍රී සේවා මුරය අවසන් කර පැමිණෙන සිය දියණිය නිවසට කැඳවාගෙන යාමට මාර්ගයට පැමිණි ගම්වැසියෙකු මෙම නිවස නාය යාමකට ලක්ව අනතුරක් සිදුව ඇති බව දැක ඒ පිළිබඳව අසල්වාසීන් දැනුවත් කිරීමෙන් පසුව තලාතුඔය පොලීසියට හා වසම භාර ග්‍රාම නිලධාරී මහතාට දැනුම් දීමට පියවර ගෙන තිබේ
ඔවුන් පදිංචිව සිටි නිවසේ නිදන කාමරය හා මුළුතැන්ගෙය නාය යාමට ලක් වීමෙන් පස් කන්දකට යටවීමෙන් මරණයට පත්වූ මෙම අඹුසැමි යුවළගේ මෘත දේහයන් මහත් පරිශ්‍රමයක් දරා අද (27දා) උදෑසන සොයා ගැනීමට අපදා කණ්ඩායම් වලට හැකියාව ලැබී ඇත.
2025 නොවැම්බර් මස 21
171
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
240
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පාතහේවාහැට නායයෑමෙන් අඹුසැමි යුවළක් මරුට