
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සලින්ත පෙරේරා නොහොත් කමාන්ඩෝ සලින්ත නමැත්තාට ගිනි අවි , උණ්ඩ ලබාදීම සහ අලුත් වැඩියා කරදීම සම්බන්ධයෙන් යුද හමුදා කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පස්දෙනකු යුත් සංවිධානාත්මක කල්ලිය ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී අත්අඩංගුවට ගැනීමෙන් කෙහෙල් බද්දර පත්මේ කමාන්ඩෝ සලින්ත සහ පානදුර කුඩු නිලංග යන තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 1 රඳවාගෙන ප්‍රශ්න කරයි.
එහිදී සලින්ත පෙරේරා නොහොත් කමාන්ඩෝ සලින්ත නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකාර යුද හමුදා සෙබළා කොමන්ඩෝ සලින්ත නැමැත්තාට ටි 56 උණඩ , 9 එම් එම් වර්ගයේ පිස්තෝල උණ්ඩ ඇතුළු යුද හමුදා උපකරණ මුදලට ලබාදීම සහ අපරාධ සඳහා යොදා ගන්නා ගිනි අවියක් අලුත්වැඩියා කරදීම තොරතුරු අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
893
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාතාලයේ සලින්තට අවි දුන් ක්මාන්ඩෝ සෙබළා මාට්ටු
BBC Friday, 19 September 2025 10:38 AM
ඇත්තටම වත්මන් පොලිස් පතිට සහ පොලිසියට , හමුදාවට , සහ රජයට, ජනාධිපතිට බොහොම පින් මේ කරන වැටලීම් වලට. පොලිසියට මේ දීල තියෙන නිදහස වෙනුවෙන් විශේෂයෙන් රජයට ස්තුති කරන්න ඕනේ , බොහොම ඉක්මනින් , මේ රටේ පාතාලය නැති වී, රටේ මිනිස්සුන්ට සාමයෙන් ඉන්නත්, රටේ දරුවන් කිසිවෙක් මත් රකුසා ට ගොදුරු නොවෙන්නත් වටපිටාව බිහිවෙන්න ඕනේ .
රනේ Friday, 19 September 2025 02:19 PM
කුඩු මාරයා නැතිකරන්න. වෙන මොනවා නැතත් කමක් නෑ.. අපි ඉවසන්නම් ජනාධිපතිතුමනි..
සෙනෙවිරත්න Friday, 19 September 2025 02:27 PM
දවසේ වෙඩි පත්තුවෙනකොට කාළකණ්ණි සතුටක් ලබපු අය දැන් ඉතින් සතුටු වෙන්නේ රජයම හඳුන්වාදුන් වත්කම් ප්‍රසිද්ධ කරන නීතිය අනුව මාලිමාවේ අයගේ වත්කම් බලලා. හැබැයි විපක්ෂ නායකතුමා මේ වෙනකන් වත්කම් ප්‍රකාශ දීලා නැහැ.