(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු වූ එස්. දයානන්ද නොහොත් කොටදයා නැමැත්තාගේ මළ සිරුර ඇරව්වල රත්න මාවතේ දෙමහල් නිවසක ඇඳක් පාමුල වැටී තිබියදී අද සොයාගත් බව මහරගම පොලිසිය කියයි.
වයස අවුරුදු 55 ක් වූ ඔහු මීට දින කිහිපයකට ඉහත දී කිසියම් හෝ හේතුවකින් මියයන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මියගිය අයගේ ස්ථිර පදිංචිය මිරිහාන ඇඹුල්දෙණිය ප්‍රදේශයේ බව පොලීසිය කියයි.
ඔහු දෙමහල් නිවසේ උඩු මහලේ කාමරයක් කුලියට ගෙන තනිව ජීවත් ව සිටි බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම නිවස තුළින් අධික දුගඳක් හමන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව මළ සිරුර සොයාගෙන ඇත.
ඔහු පරිහරණය කළ බව කියන ජංගම දුරකථනය සහ කන් රඳවනය ඇඳ යට තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත
මළ සිරුර සොයා ගන්නා විට අධික දුර්ගන්ධයකින් පැවති බව පොලිසිය කියයි
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පාතාල ක්‍රියාකරුගේ සිරුරු කාමරයෙන් හමු වේ