(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලෙන මහ වර්ෂා හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවි ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි මහතා පවසයි.

දිස්ත්‍රික් ලේකම් වරයා පවසා සිටියේ ඊයේ සිට අද රාත්‍රිය වනතුර නොකඩවා ඇද හැලෙන වර්ෂාවත් සමග වැව් පිටා ගලමින් ඇති බවත් ඒ සමගම අධික වර්ෂාව නිසා ගලා එන මහ ජල කදෙන් මාර්ග සම්පුර්ණයෙන් යටවි ඇති බවයි.

මේ අනුව පුත්තලම කොළඹ මාර්ගය පාලවිය,නාගවිල්ලුව,මදුරන්කුලිය,මංගලඑළිය, ආනවිළුන්දාව, හලාවත,හා පුත්තලම අනුරාධපුර මාර්ගයේ පුත්තලම දෙකේ කනුව,සාලියවැව නගරය,පුත්තලම කුරුණෑගල මාර්ගයේ දෙකේ කනුව,හයේ කනුව,කල්අඩිය, ගල්කුලම,කොට්ටුකච්චිය,කජූවත්ත, තෝණිගල,ආණමඩුව උසාවිය අසල . මාර්ග සේම වනාතවිල්ලුව මාර්ගයේ ස්ථාන රැසක් කල්පිටිය මාර්ගයේ ද ස්ථාන ගනනාවක් ද මෙසේ ජලයෙන් යටවිමේන් ගමනා ගමනයට බාධා එල්ල වි ඇති බව කියයි.