(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නොරෝච්චෝලේ දළුව ප්‍රදේශයේ ගෙවල් 80 ගම්මානයේ දෙපිරිසක් අතර අද (01) රාත්‍රීයේ ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ අට දෙනෙකු පුත්තලම රෝහලට ඇතුළත් කළ බව නොරෝච්චෝල පොලිසිය කියයි.
ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකේ පිරිස් කඩු සහ පිහිවලින් එල්ල කරගත් ප්‍රහාර වලින් තුවාල ලබා තිබේ.
පුත්තලම මූලික රෝහලේ සහ කල්පිටිය දිසා රෝහලේ ගිලන් රථ අදාල ගැටුම සිදුවූ ස්ථාන වෙත ගෙන්වා තුවාලකරුවන් පුත්තලම මූලික රෝහල වෙත යැවීමට නොරෝච්චෝල පොලිසිය කටයුතු කර තිබේ.
මෙම ගැටුමේන් අට දෙනෙකු තුවාල ලබා ඇති අතර එයින් එක් අයකුට බරපතල බවත් කැපුම් තුවාල ලැබූ අට දෙනා අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින බව පුත්තලම මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd