(බන්ධුල ඉලේපෙරුම )
ආයුර්වේද හෙළ පාරම්පරික වෙදකම පසෙකලා පැණියක් පසුපස දිවීම හේතුවෙන් රටේ මිනිසුන් මුළාවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
.
“පැණිය කෝප්පයක් බිව්ව පියල් නිශාන්ත මහතාට අද කොවිඩ් වැළඳිලා. සෞඛ්‍ය ඇමතිවරිය ප්‍රසිද්ධියේ පැණිය බීලා පෙන්නනවා. මේවා පර්යේෂණ කරලා වාර්තාවක් ගන්න ඕනේ. ඕකට වහ දාලා ගෙනත් දුන්නනම් මොකද වෙන්නේ.
කිසිම හෙවිල්ලක් නෑ බොනවා. මොනවද මේ විකාර වැඩ. මේකෙන් ආයුර්වේදයත් හෑල්ලුවට ලක්වුණා.
පිළිගත් ආයුර්වේද වෛද්‍යවරු තමන් මේ රෝගය හොඳ කරන්න ඉල්ලුවත් රාජ්‍ය අනුග්‍රහය ඒවට ලැබුණේ නෑ. මේ පැණියක් පස්සේ දුවනවා. ඇමැතිත් ඒ පස්සේ යනවා. හරියට රයිගමයයි ගම්පොළයයි වගේ.”යනුවෙන් ද අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ කල්තැබීමේ යෝජනාවට එක්වෙමින් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගවයින්ගෙන් පත්වෙච්චි ආණ්ඩුවක්නේ... එතකොට ඉතින් කරන්නේ හරක් වැඩ තමයි.
පැණියක් පසුපස රජය දිව්වේ නැත. රජය තමන්ගේ වැඩ කටයුතු කරගෙන යයි. පැණියක් පසුපස ගොස් මහන්සි වන්නේ නම් වෙනත් අයයි.
ජෙප්පන් පස්සේ යන අයත් මුලාවෙන් මුලාවට පත්කර ඇත. බොරුවෙන් මයි ජීවත් වෙන්නේ. ඉතාලිවලත් ජෙප්පෝ පත්තර කෑලි විකුණ විකුණා ඔහේ ඉන්නවා... ජොබ් එකක් කරන්නවත් වුවමනාවක් නැහැ.
ඔබලත් කාලෙන් කාලෙට රාජපක්ෂ වන්දනාවේ ගිහින් ජනතාව මුලාකළේ නැතිනම් මේ ව්‍යවසනය වෙන්නේ නැහැ. දැන් නිකන් කයිවාරු ගහන්නේ නැතිව ඉන්න. දැන් ජවිපය කියන්නේ බඩගෝස්තරයින් ටිකක් විතරයි.
3%ක් ජෙප්පන්ට ලැජ්ජා නැතිකම තමයි.
මෙයා නායකත්වයේ ඉන්න තාක් ජවිපයට අනාගතයක් නැත. 6% දැන් 3%ට බැහැලා.. එන ඡන්දෙදී මේ ටිකත් නැති කරනවා.
ජනතාවගේ මුදල් වලින් සුඛෝපභෝගී ජීවිත ගතකරනවා හැරෙන්න වෙන කිසිදෙයක් සිදුවෙන්නේ නැහැ. පැණියේ කතාව විතරක් නොවෙයි. ඔය කරන හැමදෙයක්ම බොරු.. වංචා..!!! කාලය පසුකරමින් අපේ කරින් මුලු පවුලම හොඳ ලස්සනට කාලය ගතකරනවා.
කෙසේ වෙතත් කියලා තියෙන්නේ ඇත්ත. පැණිය ප්‍රමෝට් කළේ කතානායකයාගේ සිට මැති ඇමැතිවරු... දැන් ඉතින් අනුර කුමාරට හිත හදාගන්න බලමු.
හැමදේටම විවේචනය කිරීම මෙයාලගේ පුරුද්දනේ.. බොරුවට කියවනවා විතරයි. විසඳුමක් ජීවිතේට හොයාගෙන තියෙනවා මේ ගොල්ලෝ.
ඉහත කමෙන්ට්ස් වලින් ඇතිවෙන්න අහගෙන තියෙනවා. තවත් එකක් පැණිය බීලා නම් තවම කවුරුවත් අසාත්මිකතා හැදිලා මැරුණේ නැහැ. ඒත් බය නැතිව ඉන්ජෙක්ෂන් එක ගහ ගන්නේ කොහොමද? ඒකෙන් මැරෙන ගාන අහලා. කොහොම නමුත් ඔය ඔක්කොම ඉස්සරහට ඇවිත් බැනලා - පිටිපස්සට ගිහිල්ලා පැණි හැන්දක් බොනවා. වෙළඳ පොලෙන් ඒක පේනවා...
ඔහෙලා පස්සේ ගිහින් අපි මුලාවෙලා තියෙන තරමට පැණියට මුලාවෙන එක කජ්ජක්ද?
පැණිය පස්සේ දුවන එක වැඩක්ද? දැන් අවුරුදු 60ක් තිස්සේ මුලාවෙච්ච මිනිස්සු ඔබලා පස්සේ දුවන්නේ...