වහාම ක්‍රියාත්මක වන පරිදි පැණිබීම බද්ද වැඩි කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පසුගියදා අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා තේරි පත් වු පසු පැණිබීම සඳහා පනවා තිබු බදු අඩු කිරීමට පියවර ගත් බවත්, නමුත් ජනතාව දියවැඩියා රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තමා නැවතත් පැණිබීම බද්ද වැඩි කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.
අමාත්‍යවරයා අද (21) අමාත්‍යංශයේදී සිය රාජකාරී අරඹමින් මෙසේ ප්‍රකාශ කළේය.
මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද දැනුම්දී ඇතැයි හෙතෙම පැවසීය.
එමෙන්ම වර්තමානයේදී ඖෂධ හිගයක් නිර්මාණය වී ඇතැයිද පැවසු අමාත්‍යවරයා ඒවාට විසඳුම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීසාරයට අමුඩ ගැසීම ..!!!
හා හා... නැවතත් මුලසිට !!!
පැණිබීම වෙනුවට තිබහට බොන්න මොනවා හරි දෙයක් හඳුන්වලා දෙන්න. බදු වැඩි කෙරුවම සියල්ල හරි කියල හිතන්න එපා. තැඹිලි ගෙඩියක් රුපියල් 70ක් වෙනවා .
මේ වගේ දෙයක් ආණ්ඩුවක් කරන්න ඕනේ නෑනේ. මිනිස්සු දැනගන්න ඕනෑ හොඳ මොකක්ද? නරක මොකක්ද? කියලා...
දැන් අරක්කු වල ගාණ වැඩි කලා කියලා මිනිස්සු නොබී හිටියද? බීම ඉල්ලලා කරදර කරනකොට දෙමාපියෝ කොහොමත් අරන් දෙනවා.
ඖෂධ හිඟයක් රටේ නිර්මාණය වී තිබුණද, මෙයාට ප්‍රශ්නයක් නැහැ. මෙයා ප්‍රතිකාර ගන්නේ මහජන මුදලින් සිංගප්පූරු එලිසබෙත් රෝහලින්.
පැණි බීම ශරීරයට අහිතකර දෙයක් නිසා බදු වැඩි කිරීම හොඳ දෙයක්. ඇමෙරිකාවේ අපි පැණි බීම වෙනුවට බොන්නෙ පිරිසිදු ජලය.
ඕනෑම ආපන ශාලාවකින් හෝ ෂෙඩ් වලින් පිරිසිදු පානීය ඇල්වතුර නොමිලේ සැපයිය යුතු බවටත් වැසිකිලි පහසුකම් සැපයිය යුතු බවටත් නීතියක් ගෙනෙන්න.
ප්රශ්නය පැණි බීම නොවෙයි මුදල් ඇමති හැර අනික් ඇමතියන්ටත් හිතුන තිතුන විදියට බදු ගහන්න පුලුවන්ද කියන එකයි.
සීනි හොඳ නැති නිසා බදු වැඩි කලාම බීම සමාගම් කරේ ෂුගර් ෆ්‍රී කියලා අස්පර්ටෙම් අඩංගු බීම අඩු මිලට දෙනවා. එම රසායනිකය අක්මාවට අහිතකර සීනි වලටත් වඩා නරක දෙයක්. වකුගඩු ලෙඩ්ඩු වගේ අක්මා ලෙඩ්ඩු හැදුණට පස්සේ හේතු හොයමු.
අරක්කු, සිගරට් දැන් කවුරුත් බොන්නේ නැහැ. බාර් පාලුවට ගිහින් නේ..
රටේ පළතුරු කුනුවෙනවා විකුනන්න බැරිව. බැරිද රජයට කර්මාන්තයක් හදලා බිමක් හදලා දෙන්න.
දේශපාලනෙන් ජනතාවගේ පැණි බේරෙනවා.
එයා දිවවැඩියා රෝගියෙක් ඒකයි කාරණය.