( රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ  විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතා ගොනු කර ඇති පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය ලබන මාර්තු මස 29 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද 21 නියෝග කළේය.

මේනකා විජේසුන්දර ඒ. එස්. කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම අද (21) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

 නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිීරිස් මහතා සඳහන් කර සිටියේ පෙත්සම්කාර පාඨලී චම්පික ඇතුළු සැකකරුවන් විසින් සිද්ධියට අදාලව කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් මේවන විට තොරතුරු රාශියක් අනාවරණය වී ඇති බව ය .