(ඩයනා උදයංගනී)
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන්නේ නීතියට අනුව මිස දේශපාලන පළිගැනීමක් සඳහා නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දේශපාලන පළිගැනීම් සඳහා නීතිය යොදාගැනීම, නීතිය නැවීම ආදිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ සිදුනොවන බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව ද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
නීතිය නැවීම, නීතියට පටහැනි ලෙස දේශපාලන පක්ෂ නායකයන්, මන්ත්‍රීවරු සිරගත කිරීම, ඇප නොදී දීර්ඝ කාලයක් බන්ධනාගාරගත කිරීම ආදිය පසුගිය රජයේ ප්‍රතිපත්තිය බව කී අමාත්‍යවරයා විපක්ෂයේ සිටියදී එම ප්‍රතිපත්තිය පිළිකුලින් හෙළා දුටු වත්මන් රජය එසේ කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (19) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ගව සම්පතට කරන ප්‍රකාශයක්ද කියා මට සිතේ.
එහෙනම් මොන පළිගැනීමක්ද මහත්තයෝ? දරුවෙක් යටකළ හාමුදුරුවන්ට ඇප... පිටිපස්සෙන් ඇවිදින් යතුරුපැදිය හප්පාගෙන ඉදිරියෙන් වාහනයට නඩු ඇප නැත. මේවා පළිගැනීම නොවේ නම් මොනවද කියන්න මහත්තයෝ සුදුළූණු පොඩි කරන්නේ නැතුව...
ලයිසන් නැතුව ඉස්සරහා හප්පලා 19 හැවිරිදි ළමයකු මරපු චීවරයක් දා ගත්තු කෙනෙකු ඇප දෙන්නද?
කහඉර උඩ කොල්ලෙක් යටකරලා මැරුවා. අඩුම තරමින් සතියක් රිමාන්ඩ් කළෙත් නෑ..
දේශපාලන පලිගැනීමක් නෙවෙයි නම් එ්ක බරපතල වැරැද්දක්... අපේ රටට දැනට අවශ්‍ය වෙලා තියෙන්නේ එක ආණ්ඩුවකින් කරන වැරදිවලට ඊළඟ ආණ්ඩුවෙන් දඬුවම් කිරීමේ සංස්කෘතියක... ඒක එක ආණ්ඩුවක හොරු ඊළඟ ආණ්ඩුවෙන් රකිනවාට වඩා හුඟක් හොඳයි.
අපි නම් එහෙම කිව්වේ නැහැ? 2500න් කන්න පුළුවන්.
තමුන්ගේ කෙරුවාවල් ගැනත් අපි දන්නවා.. පුතා රිය අනතුරක් කරපු වෙලේ... ඒකව බේරෙන්න කරපු දේවල් නිලධාරින්ට බලපෑම් කරපුවා මතක නැද්ද? කැලේ නීතිය කාලේ ඔක්කොම වැඩකෙරුවේ නීතියට එකඟව වෙන්න ඇති...
ඇත්ත ඇත්ත. මෙහෙම කලේ ගානියාගේ කේස් එක වහන්න. වහල් ආණ්ඩුවේ ඉතිහාසය තමයි අදත් කියැවෙන්නේ.
ඔව් ඔව් අපි දන්නවා. මේවා දෙගොල්ලම කරන සංදර්ශන. පහුගිය ආණ්ඩුවත් කළානේ.
අනිවාර්යයෙන්ම... ඕක කියන්න දෙයක් නැහැ. වරදට දඬුවම් ලැබිය යුතුයි.
2500 කතාවේ අනික..
එහෙම නොවේනම් තීන්දුවක් දීපු නඩුවක් ආයෙමත් අහන්නේ මොකටද මහත්තයෝ? ලංකාවෙ ඔක්කොම බූරුවන් නෙවෙයි ඉන්නේ...
ඔය පරණ නඩු ටිකත් හෝදලා පොලිෂ් කරලා ආපහු ගන්න බැරිද?
අහලා ඉවර වුණු නඩුවක් යලිත් උඩට අරගෙන මේ කරන දෙය දේශපාලන පළි ගැනීමක් නොවෙනවා නම් වෙන මොකද්ද? මෙහෙම කතා කියන්න ලැජ්ජා නැද්ද?
තවමත් අපිට අතීතය අමතක කරන්න බැහැ. ඔබ අද කියූ දේ කියන්න ඉස්සෙල්ලා කරුණාකර කණ්ණාඩියක් ඉස්සරහා කියන්න.
රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර සත්‍ය වසන් කිරීම හා රියඅනතුර සිදුකළ අයලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීම මඟින් දණ්ඩනීති සංග්‍රහයේ හා මෝටර් රථ ආඥාපනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට චෝදනාමත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය" තව මොනවද කතා පාඨලීත් නීතිඥයෝ ඉදිරිපත් කරාවිනේ. එමනිසා මෙතන ලියන ගොබ්බ අදහස්වලින් මිදී වෙන්නේ මොනවද කියා බැලුවොත් නරකද? අර දරුවත් පාඨලී කියන පුද්ගලයත් එකම අයතිවාසිකම් තිබෙන මිනිස්සු ඇයි පාඨලී විශේෂ සැලකිලි? ඔබට හෝ ඔබේ දරුවෙකුට මේ අපරාධය කර පලා ගියානම් මේ විදිහට ඒ පුද්ගලයාට පක්ෂව අදහස් ප්‍රකාශ කරනවාද? ඒ පුද්ගලයාට පක්ෂව අදහස් ප්‍රකාශ කරනවා නම් අද හෙටම ඔහුටත් ඒ ඉරණම අත්වේවායි පතමි..
කවුරු කුමන දේ කිව්වත් රණවක මහතාගේ අත්අඩංගුවට ගැනීම තුළ ඇත්තේ දේශපාලන වුමනාවක්!!! දැනට රටේ තිබෙන්නේ පාලු ගෙට හොරු පැන වලං බිඳින තත්වයකි!!! - අලුත් සමාජ-දේශපාලන සංස්කෘතියකට රට හුරු කිරිමට අවශ්‍ය නම් මුලින් කළ යුතුව ඇත්තේ රට දේශපාලනයෙන් බේරා ගැනීමයි!