(විනීතා එම් ගමගේ)
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වෙමින් පවතින නිසා ඩොලර්වලට වැඩි මිලක් ගන්නට නම් ඉක්මනින්ම තමන් සතු ඩොලර් රටට එවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
අනේවාසික විදේශ මුදල් ගිණුම් පොලිය මත අය කරනු ලැබු රැඳවුම් බදු ඉවත් කර ඇති නිසා බැංකු හරහා මුදල් එවිය හැකි වෙතැයි ද හෙතෙම කියා සිටියේය.
තව දුරටත් ඩොලරයේ වටිනාකම රුපියලට සාපේක්ෂව වැඩි වේයැයි සිතා ඩොලර් ළඟ තබාගෙන නොසිටින්නැයි ද ඉතිසාහයේ වෙනත් කිසිදු රජයක් ලබා නොදුන් සහනයක් ලබා දී ඇති බැවින් එම අවස්ථාව ප්‍රයෝජනයකට ගන්නැයි ද ආචාර්ය ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය.
මේ වනවිටත් විදේශගත ශ්‍රී ලාංකිකයින් තම ගිණුම්වලට මුදල් එවීම අරඹා ඇති නිසා ඩොලරයේ මිල අඩුවෙමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.
ඉදිරියේ දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා බදු සහන ලබා දීමට ආර්ථික පර්යේෂණ ඒකකය යෝජනා කර ඇති නිසා ඔවුන්ටත් බලාපොරොත්තු තබා ගෙන ඉදිරියට යා හැකි වන බව ද මන්ත්‍රීවරයා කීය.
විදේශයන්ගෙන් ආනයනය කරන දැව සඳ හා අය කරන බදු මුදල් ඉවත් කිරීමට ද යෝජනා කළ බව කී ගුණවර්ධන මහතා ආනයනික රෙදිවලට අයකරන බදු ඉවත් කිරීමට ද යොජනා කර ඇතැයි පැවසීය.
මෙම යෝජනා අතුරු අයවැයේ දී ක්‍රියාත්මක වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ අදහස් පළ කළේ පුංචි බොරැුල්ල වජිරාශ්රමයේ අද (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එවන්නේ අපිට ඕන නම්.
අපොයි එතකොට 2500න් ජීවත් වෙන්න බැරිද?
ඇයි ඔබලාටයි, පවුල්වල ඉන්න අයටයි අායෙත් වාහන ගන්නද? මෙච්චරකල් අපි එවපුවායින් අපට මොනවද දුන්නේ? කාලකන්නි ඒවා අරන් පවුල් ගොඩ දා ගත්ත මිස..
පැහැදිලි මදි... ඩුබායි වල, යුක්රේන්වල එහෙම තියෙන ඒවා ගැනද මහත්තයා ඔය කතා කරන්නේ?
ඔබතුමන්ලාගේ පොලී අපට එපා.. අපේ මුදල් තියෙන්නේ ලන්ඩන්වල...
එවන්නම් බලාගෙන ඉන්න කට්ටියට අලුත් වාහන ගන්නත් තියනවනේ...
ඇයි අර වංශලාට ඕක කියන්නේ නැත්තේ?
හා. කියනකම් හිටියේ. මාර මොලයක් තියෙන්නේ මෙයාට...
ඔබතුමා කලබල වෙන්න එපා.. අපේ ඩොලර් අපි ඉන්න රටවලම තියා ගන්න එක අපේ ඇඟට ගුණයි..
අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්..., මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් !!!
අපිට කෙළින්නයි හදන්නේ...
මට හිනා... ඔබට අමතක වුණාද ඔබ ඔය කතා කරන්නේ ළිදෙන් එළියට ආපු මැඩියන්ට කියලා? ඒ අය මෝඩ නැහැ. ඔයාලගේ ලණු සහ පොරොන්දු ලිඳේ ඇතුලේ ඉන්න මෝඩ මැඩියන්ට පමණක් සීමා කර ගත්තොත් නම් යම් රැවටීමකින් බඩගෝස්තරේ හොයාගන්න පුළුවන්...
ඩොලර් ටික ඉතුරුයි. පොලිය 2500 යි. එ්කෙන් මුළු පවුලක්ම ජීවත් වෙන්න පුළුවන්. ආචාර්යවරයාගේ තියරිය හරිම සරලයි. ලෙහෙසියි.
මේ අයට දැන් ඩොලර් ඕනේ වෙලා ඇති... පක්ෂ මාරු කරන අයට ගෙවන්නට. දැන් රටේ තියෙන තත්වයේ හැටියට කලයුතු හොඳම දේ නම්, තමන් දහඩිය මහන්සියෙන් උපයන මුදල ලංකාවෙන් පිට තැන්පත් කර තිබීමයි.
සුගන්ධි, ඔයාගේ කමෙන්ට් එකට් අකමැති 229 (මේ වනවිට). ඒ කියන්නේ මගේ මව්බිමට ආදරේ මිනිස්සු තාම ඉන්නවා. ඔයා ලන්ඩන්වලටම වෙලා ඉන්න. ඇල්බට් අන්කල් හම්බවුනොත් මතක් කලා කියන්න.
අනේ යන්න. රුපියල නග්ගන්න පිට රටවල් ඉන්න අපේ සල්ලි ඉල්ලන්න ඉස්සර කාපු රටේ සල්ලි එළියට අදින්න. රට කනවා මදිවට රටින් පිට ඉන්න ලංකාවේ අයත් නැති කරන්නයි හදන්නේ.
අනේ අපි දන්නවා කොහේ තියන්න ඕනේද කියලා..?
ඕක කරන්න ආණ්ඩුවක් ඕනේ නැහැ. ඔයාලා ඕනෙත් නැහැ. හිඟන්නෝ තමයි.
දැන් ඉතින් අලුත් සෙට් එකට වාහන එහෙමත් ගන්ට තියෙනවනේ. ඉතින් අපි මේ අයට අනුකම්පා කරලා හම්බ කරපු දෙයක් ලංකාවට අරිමු.
අපේ රටේ ගෙවුම් ශේෂය පියවන්න ලොකුම දායකත්වය සපයන්නේ විදෙස්ගත ශ්‍රමිකයින් ! ඔවුන්ට ඡන්දය නොමැති බැවින් කිසිම රජයක් විදෙස් ශ්‍රමිකයින්ට සලසපු සෙතක් නැත ! අඩුම තරමේ ගුවන් තොටුපලින් නැවත යනවිට ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමට සිටින නිලධාරීන් දුටුවිට (බලෙන් insurance ලබා දේම සඳහා) නැවත පැමිණීමටද නොසිතේ!
අපොයි බැහැ. කලින් එවපුවා කෝ..? සොරු අරන්ගියා ! අායෙත් එව්වොත් දෙයියන්ගේ පිහිටයි.
ඉස්සර වෙලා ඔබලගේ සේප්පුවල තියන අසාධාරණ සල්ලි මහා බැංකුවේ තැන්පත් කරපල්ලා. ඊට පස්සේ අපි එවන්නම්... ලැජ්ජ වෙන්න ඕනේ ඔහොම කියන්නත්... ඉල්ලන්නත් අහිංසක මිනිසුන්ගෙන්, වේදිකාවට නැගල කෑ ගහල පෙන්නන ආදරය උඹලා ලඟ ඇත්තටම තිබුණානම් අපේ රටත් හොඳ ලස්සන රටක් නේද? දැන් මැති ඇමති හුවමාරුවට යන සල්ලි රටේ වැඩකට දැම්ම නම් එ්ත් ඇති !!!
හිතන්න එපා. පිටරට ඉන්නේ ඔයාලා වගේ අය කියලා. තියෙන රුපියලත් අදිනවා. දැන් විදේශීය නායකයින්ම පිටුපානවා නම් සාමාන්‍ය වැසියා ඊට වැඩිය පරිස්සම් වෙන්න ඕනෑ. මෛත්‍රී කිව්වනේ පිටරටින් කිසිම දෙයක් එපා අපි වවලා කනවා කියලා. ඇයි දැන්ම පටන් ගත්තේ. හිඟා කන්න රෙද්දක් ඇඳගෙන යන්න පුළුවන්ද? ණය මුදල් ගේන්නේ කව්ද? ඉන්නේ දැන් විදේශය සමග ගනුදෙනු කරන්න පුළුවන් තරම්... කොන්ද පණ තියෙන ප්‍රිය මනාප පුද්ගලයෙක් පතෝල, කුරහන්, හැමතැනම වවන්න. ගන්න රුපියල ගොඩදාගන්න පුළුවන්... පිටරට ඉන්නේ මොලේ තියෙන තමන්ගේ මහන්සියෙන් වැඩ කරන මිනිසුන්... ඇමතිලා වගේ හොරාකන නිකම් ඉඳන් බෙලි කපන කට්ටිය නෙමේ... ලැජ්ජයි කියන කතාවට... රාජපක්ෂලාට... කියලා බැලුවා නම් හංගලා තියෙන ඩොලර්.... එළියට දමන්න කියලා...
ඇයි බැංකු හරහාම එවන්න කියන්නේ? බැංකුකාරයෝ ටික පෝසත් කරන්නද?
මේ කතා වෙන අය කලින් කිව්වනම් මොනවා හරි මෙයා කියනවා බලය නෙවෙයි රට හදන්න උවමනාව තියෙන්න ඕනේ එහෙම අය අද ඉන්නවද
මෙහෙමත් දේශපාලුවෝ. ලංකාව තුල සිටින අය රැවට්ටුවට පිටරට වෙසෙන ලාංකිකයින් රැවටීමට ලෙහෙසි නැත.
ඔව් මන්ත්‍රී තුමො අපි මෙහෙ ගොඩ ගහගෙන ඉන්නවා ඔබ තුමන්ලා කිව්වාම එවන්න
ආනයන බදු නෙවෙයි අපනයන බදු අඩු කරලා රටට ඩොලර් ගේන අයට අවස්ථාව දෙන්න
මේ අයට දැන් ඩොලර් ඕනේ වෙලා ඇති... පක්ෂ මාරු කරන අයට ගෙවන්නට. දැන් රටේ තියෙන තත්වයේ හැටියට කලයුතු හොඳම දේ නම්, තමන් දහඩිය මහන්සියෙන් උපයන මුදල ලංකාවෙන් පිට තැන්පත් කර තිබීමයි.
අපි වගේ අය දුක්මහන්සියෙන් උපයා ශ්‍රී ලංකාවට එවන යුරෝ, ඩොලර්, පවුම්, යෙන් ආදියෙන් අපේ රටේ දේශපාලුවන්ට සැපට කාලා බීලා සුඛෝපබෝගී ජීවිත ගත කරන්න තව දුරටත් ඉඩ දෙන්න ඕනද? අපි දැන් දන්නවානේ කවුරු හෝ පාර්ලිමේන්තුවට රිංගන්නේ විශාල වැටුප් ලබාගෙන, ධනපති පන්තියේ වාහනවලින් රට වටාත්, ඒ වගේම විදේශ සංචාරත් සඳහා මිස ඡන්දදායකයන්ට සෙතක් යහපතක් සඳහාත් නොවන බව!
පිටරටින් ලංකාවට සල්ලි එවන අයට සහන සලසන්න. අඩුම අවුරුදු 10 හෝ 5 ක් පිටරට ඉදල ලංකාවට සල්ලි මිලියන 2 ක් එවල තියෙනවනම් , ඩියුටි ෆ්‍රී , තීරු බදු නැතිව වාහනයක් ගන්න අවස්ථාව දෙන්න. එතකොට සල්ලි එවයි ඕන තරම්. තව ලංකාවේ ගුවන් බලපත්‍රය තියෙන අයට හොද පිලිගැනීමක් කරන්න ගුවන් තොටුපලේදී
රුපියල අවප්‍රමාණය වෙන්න වෙන්න ඩොලරයට ලැබෙන රුපියල් ගාන වැඩි වෙනවා. ඒ විතරක් නෙවි උවමනා වෙලාවට තමුන්ට ඕනා රුපියල් ගානක් රටින් ගෙනයන්නත් දෙන්නේ නැහැ විනිමය පාලක නීති නිසා. මෝලයක් තියෙන කෙනෙක් අවශ්‍ය ප්‍රමාණයට වඩා රුපියල් ලංකාවට යවන්නේ නැහැ ඩොලර් රුපියල් වෙච්ච ගමන් අවප්‍රමාණය වෙන නිසා.
පිට රටින් එන මුදල් වලට ගිය ආණ්ඩුව ගෙනාපු බදු ගැසීම ඉවත් කිරීම හොද දෙයක්. රටේ නිෂ්පාදනය වැඩි කරගන්න වෙනවා මේ ආර්ථික අවුලෙන් ගොඩ එන්නත්. හැබයි මේ ආණ්ඩුව ගත්ත විදියනම් අවුල් ඒක නිසා අපනයන වලට කොයි විදියට බලපායිද කියන්න බෑ.
හරි හමන් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා මිසක් විදේශගත ලාංකිකයන්ගෙන් ඉල්ලලා රට ගොඩ නගන්න පුලුවන්ද ?
ඔව් අපි මහන්සියෙන් හොයලා එවන එක නතර කලොත් ඔයාලා කොට උඩ.
සතයක්වත් යවන්න එපා .
"ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වෙමින් පවතින නිසා" මේක කලේ සංචිතවලින් ඩොලර් මිලියන 50ක් මුදා හැරලා.. හරියට කතාව ඒගොල්ලන්ගෙ හැකියාව නිසා කියල.
ඇයි අලුතෙන් පනින අය ඉල්ලන්නෙ ඩොලර්ද ?
පුරවැසියන්ට කිසිම සහනයක් නොදෙන රජයේ කාර්යාලවල අපි නිකරුනේ රස්තියාදු කරවන , සාමාන්‍ය පුරවැසියන්ට එක නීතියකුත් දේශපාලකයන්ට වෙන නීතියකුත් තිබෙන, අපි ගන්න වාහන වලට අහස උසට බදු ගහන දේශපාලකයන්ට තීරුබදු රහිත වාහන දෙන ඔවුන්ට අපේ වියදමින් නොමිලේ ඉන්ධන දෙන, ඡන්දෙට කලින් දෙන පොරොන්දු ඡන්දෙන් පසු ඉටු නොකරන මුදලට පිල් මාරුකරන දේශපාලකයන් විසින් පාලනය කරනු ලබන රටක අපි දුක්මහන්සියෙන් උපයාගත් ඩොලර් ආයෝජනය කරන්න තරම් පිස්සුවක් අපට නැත. එහෙම කලොත් අපට සිදු වන්නේ වයසට ගිය කල සිගමන් යදින්න ,
කියනකන් හිටියේ
මේ අය කවදාවත් විදේශ වල රස්සා කරන අහිංසක සේවකයනට කිසිම පහසුකමක් දුන්නේ නෑ. කොච්චර ඩොලර් එව්වත් ණයක්වත් ගන්න ක්‍රමයක් නෑ. මේ අය විතරයි වාහන ගන්නේ ඔවුන්ට කිසිම පහසුකමක් දෙන්නේ නෑ. දැන් ඩොලර් ඉල්ලනවා.
වැඩක් නැනෙ සල්ලි එව්වාට අපිට සහනයක් නැ. දැන්ද මතක්වෙන්නෙ අපිව
තමුන්ගේ දැනුම යොදවල රටේ කෘෂි , නිෂ්පාදන, සේවා අංශ සවිමත් කරලා රටෙන් එලියට යන මුදල් , රට ඇතුලේ සංසරණය වන ආර්ථික ක්‍රමයක් ඇති කරන්න ඕනේ . හිගා කන එක හරි ලේසී .
මුගේ ආර්ථික විද්‍යාව ඉගෙනගෙන මට ඒ ලෙවල් මට එෆ් 04 ලැබුණා
අනේ මන්ද ලැජ්ජයි ඔහෙලා ගැන............
ආණ්ඩු මාරුවෙන් ඩොරල් එක්ක බැස්ස කියලද. ඉන්දියාවේ රුපියල ස්ට්‍රොන්ග් වෙලා තියෙන්නේ ආණ්ඩු මාරු වෙළද.? මිනිස්සු රවටන්ද හදන්නේ.....
ආ එහෙමද ආස?
ට්‍රම්ප්ට කියන්න.
ඇයි තව ටිකක් බාගන්නද?
පසුගිය අවරුදු 9 තුළ රටේ යුධයක් නොතිබුණත් ඔබලාගේ ක්‍රියා කලාපය නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල විශාලලෙස පහත වැටිලා , නමුත් දේශපාලකයන්ගේ සහ ඔවුන්ගේ ගෝලයන්ගේ ආර්ථිකය සහ වත්කම් නම් සියයට පන්සීය ගුණයකින් ඉහල ගොස් ඇත , අපි අපේ විදේශ මුදල් ලංකාවට එවුවොත් ඒවගේ වටිනාකම ඉදිරියට අවරුද්දකට 15% ප්‍රමාණයක් පහල වටෙනබව පසුගිය වසර 9 තුළ රුපියලේ සහ ඩොලරයේ හැසිරීම බලන කොට පෙනෙනවා , ඉතින් අපි මොකටද එහෙම දෙයක් කරන්නේ , ? පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂදෙකෙම දේශපාලකයෝ තම පවුද්ගලික ධනය සහ බලය වර්ධනය කිරීමට ප්‍රමුකස්ථානය දෙමින් රටේ දියුණුව පසුපසට දමා ක්‍රියා කරන බව හොදින් පෙනෙනවා , අපි ලංකාවට අවහම සහ ලංකාවේ තානාපති කාර්යාලයකින් පාස්පෝර්ට් එකක අලුත් කරගැනීමට ගියහම , අපිව නිකරුනේ රස්තියාදු කරන හැටි දැක්කම , අපට ඇතිවෙන්නේ ලොකු කලකිරීමක් , ඉති අපි කැමති නැහැ අපි දුක් මහන්සියෙන් හම්බුකරපු මුදල් ලංකාවේ ආයෝජනය කරන්න .
අනේ යනවා , අපි දන්න ආර්ථික විද්‍යාව.
ඇමතිතුමා ලංකාවේ මුදල් සංචිත වල සල්ලි ඉවරද . දන්නේ නැති නිසා අහන්නේ !
ඔව් .... මොවුන්ව කොහොම හරි ජිවත් කරන්න එපෑ.
ඔව් අපි පණ කඩාගෙන එව්වම බැරියැ.. වාරු නැති වයසක මව්පියන්ගේ හරි රස්සාවක් නැති කසාද නොබන්දපු බවලත් ඥාතියන්ගේ හරි ගිණුම්වලට බදු ගහලා වැඩේ දෙන්න. විලි ලජ්ජා නැතිව ඒ පාර පිටරට ඉන්න මිනිස්සුන්ගේ කරෙන් ගිහින් ආණ්ඩු කරන්නද හදන්නේ? පිටරට මිනිස්සු සල්ලි එව්වේ නැතිනම් ඔය පාර්ලිමේන්තුවේ තීන්ත ගාන්නවත් රටේ සල්ලිනැති බව හැමෝම දන්නවා.
එවන්න කියන්න ලේසියි. පිටරට ඉන්න අපි රාජකාරි වැඩක් කරගන්න ලංකාවට කතා කළාම ඔබතුමාලගේ ආණ්ඩුවේ නිලධාරින් අපිට සලකපු හැටි හොඳට මතකයි. ගුවන් තොටුපලේ සැලකීම හරියට සරණාගතයෝ ගෙදර ආවා වගේ... බටහිර රටක සිට නිවාඩුවට එන කෙනාට රේගු නිලධාරින් සලකන්නේ තමන්ට ඕස්ට්‍රේලියාවට පැන ගන්න බැරි වුණු වාඩුව ගන්න වගේ. තව සල්ලිත් එවන්නකෝ මේන් කියලා!
පැනගෙන ආවා පස්ස දොරින් ආණ්ඩු කරන්න.. දැන් පිටරට ඉන්න ලංකාවේ මිනිස්සුන්ගේ වලිගේ එල්ලෙන්න හදනවා. අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිටරටින් එන්නා කිව්ව සින්දුව තමයි අපිට දැන් කියන්න වෙලා තියෙන්නේ..
මමත් දුල්මිගේ කතාවට එකඟයි.
අනේ ඇමතිතුමෝ අපි මෙහෙ වැඩ කරලා යමක් හම්බ කර ගන්නේ හොඳටම දුක් මහන්සියෙන්. බවලත් උදවිය වගේ මහජන බදු මුදල් වලින් යැපිලා නෙවෙයි. මැද පෙරදිග ගිය මිනිස්සු අපිටත් වැඩිය දුක් විඳිනවා.
මෙන්න පිටරට මිනිස්සුන්ගේ ප්‍රතිචාර මේවා ඇහෙනකොට . "මයි බොඩි ෆිෂ් ඩාන්සින් ! "
හා
ඩොලර් 14 නේ (රුපියල් 2500) පව්ලකට මාසෙකට වියදම් වෙන්නේ. ඉතින් මොකටද ඔච්චර ඩොලර් කන්දරාවක්.
මොකද? පාර්ලිමේන්තුවේ බුරියානි දෙන්න සල්ලි නැතිලුද?