
(සුජිත් හේවාජුලිගේ )
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පෙරේදා( 2) ඇතුළත් කරනු ලැබීය.
භෝජන සංග්‍රහයකදී ආහාර වර්ගයක් අනුභව කිරීමෙන් පසුව ඔහු මෙසේ අසනීපවී ඇති හෙයින් එම ආහාර ඔහුට විස වන්නට ඇතැයි සැක කෙරෙන බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් ඔහුගේ තත්වය අයහපත් නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
කෑගල්ල ප්‍රදේශයේ උත්සවයකින් අනතුරුව පැවැති භෝජන සංග්‍රහයකදී ඔහු මෙම ආහාර අනුභව කර තිබූ බව කියති.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.
ඇමතිවරයා ගත් ආහාර රජයේ රස පරීක්ෂක වරයාට යොමු කිරීමටද පොලිසිය කටයුතු කරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාටිය දාපු කෙනා රිමාන්ඩ් කරා නම් නියමයි...
"අනිච්චාවත සංකාරා..." ආ.. මොනවා? වලකජ්ජ ගහලා නැතිද? යකෝ මාරයත් දැන් ජරාව ගන්නවා වගේ...!!!
"ජරාව" කන එකත් කිලෝ ගාණට කන්න ගියාම ඔහොම වෙනවා.
ගල් අරක්කු කලක් බිව්වා නම් හරි... සොරි... බොන්නේ ඩියුටි ෆ්‍රී ඒවනේ...
එතුමා ඇතුල්වෙලා තියෙන්නේ පුද්ගලික රෝහලකට. ආණ්ඩුවේ රෝහල්වල බෙහෙත් විශ්වාස නැති බව උන්නැහේම පෙන්වලා දීලා තියෙනවා...
ඉක්මන් සුවය පතමි. හැබැයි ඔය කවුරුත් ස්වභාවධර්මයට යටයි කියන එක තේරුම් ගත්තොත් හොඳයි.
අපරාදේ, ඇයි කොළඹ රෝහලකට ගියේ කෙලින්ම සිංගප්පූරු ගියා නම් ඉවරයි. අපි බිල ගෙවනවානේ...
අපේ ඉස්පිරිතාලෙකට ආවා නම් පණ පිටින්ම එම්බාම් කරනවා.
බඩේ අමාරුවක් වෙන්න බැහැ. මෙයා හොඳට ජරාව කාලා පුරුදුයි. වෙන මොකක් හරි අප්සට් එකක්... අමරතුංගට වුණු සන්තෑසිය මේ හාදයාටත් වෙලා කියලා තමයි බජාර් එකේ කතා වෙන්නේ...!
මිනිහෙක්ද වලහෙක්ද?
"ජරාව" කෑවාම ඔහොම වෙනවා. ඉක්මනින් සුවවේවා...!
ඔවුන් පළමුව ආහාර හොඳ නැද්ද කියලා පරීක්ෂා කළ යුතුයි...
දේශපාලකයෝ මහජන මුදලින් කාපු පාටියක්ද?
බඩජහරි දේශපාලුවන්...
මැරිලා නැද්ද?
ජනතාව ගසාකාපුවා විෂ වෙන්න ඇති...
මොකක්ද ඔය පුද්ගලික රෝහල? අපිට තියෙනවා මෙයත් එක්ක විසඳාගන්න ප්‍රශ්න ගොඩාක්. මේක හොඳ අවස්ථාවක්, සෙකුරිටි බට්ටෝ වටේ නැතිව ඇති, ලෙඩ ලෙඩ කියලා බලන්නේ නැහැ. කරපු වැඩවලට සම්බෝල හදනවා...
අපායට ඊ මේල් එකක් අරින්න ඕනෑ යමරජ්ජුරුවන්ට..., අපායට අවශ්‍ය කෙනෙක් ඉස්පිරිතාලේ ඉන්නවා.
නිවන්සුව...!
නැහැ නැහැ වෙන්න බැහැ. මෙයා සෑහෙන කාලෙක ඉඳන් 'ජරාව' කනවා. ඒත් කවදාවත් ප්‍රශ්නයක් වෙලා නැහැ. දැන් මේ හාදයාට ජරාව නැතිව බැරි තත්වයක් ඇවිල්ලා... ඒකයි මේ අසනීපේ. බෙහෙත් දීලා වැඩක් නැහැ. හොඳ ගාණක් හොරාකන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් බාරදුන්නා නම් මිනිහා පණගහලා ඒවි අද දවල්ම...!
මොවුන්ට රටේ ජනතාවගෙන් හොරා කාපු ධනය විස වෙන්න තව වැඩි කාලයක් නෑ...
දුප්පත් මිනිස්සුන්ගේ ඊ පී එෆ් එකට කෙලින්න සම්මාදම් වුණු සියලුම දේශපාලුවන්ට බඩ යන්න ඕනෑ, නවතින්නේ නැතිවම....!
බුදු අම්මෝ ... මෙච්චර වෙලා නිරුවතින් ඉස්පිරිතාලේ ඇඳේ දාලා හිටිය වලහෙක් වගේ හිටියට මෙන්න නැෂනල් සුට් එකක් අන්දලා එළියට අරගෙන. එම්බාම් එක ජයරත්නලාගෙන්ද? නැතිනම් වෛද්‍ය සංගමයෙන්ද?
ඉස්සර ජනතාව එකිනෙකට විස නොවෙන කෑම තමයි කෑවේ... උදාහරණයක් හැටියට මස් සමග මාලු කෑවේ නැහැ... මයියොක්කා සමඟ ඉඟුරු පාවිච්චියට ගත්තේ නැහැ... ඌරු මස් කාලා කිරි කෑවේ නැහැ.. ඒත් දැන් එහෙම දේවල් විශ්වාස කරන කෙනෙක් ඇත්තේ නැහැ. තවතවත් දේවල් තියෙනවා වුණත් මතක නැහැ... ඒ නිසා දැන්වත් දේශීය ආහාර සම්ප්‍රදාය ගැන අවධානයට ගතහොත් ඔහොම අසනීපවෙලා රටට අණබෙර ගහන්න අවශ්‍ය නැහැ...!
මහා මේරු පර්වතය වටේට ආමි දාගෙන හැන්ගිලා හිටියත් කළ වංචා, ගසාකෑම්, හොරාකෑම්වලට මේ දේශපාලුවන්ට අනිවාර්යයෙන්ම ස්වභාවධර්මයා විසින් දැඩි දඬුවම් දේවි. කරන කලට පව් මිහිරිය මීසේ... විඳින කළට දුක් දැඩිවෙයි ගිණිසේ...!
වහාම දේශපාලුවන්ගේ ආහාර පරීක්ෂා කරන්න නිලධාරීන් දෙදෙනා බැගින් පත්කිරීමට කටයුතු කරන්න...
මගේ ආචාරය... ඉක්මනින් සුවපත් වේවා..!
සමීප වෙයි...! වගේද?
ගහපු බදු වලට වැදුන සාප තමයි..
සුබ ආරංචියක් වගේද?
ගහපු බදුවලට, මෙයාගේ බඩට සැප වැදිලා...
ජරාව කාපුවට දැන් පොලිය ලැබෙනවා වගේ ....
පෙරහැර පටන් ගත්තා වෙන්න බැරි නැද්ද?
මෙයත් අස්වැසුම අරගෙන කාලද බලන්න ඒක දුන්නට පස්සෙ නේද මේක වෙලා තියෙන්නෙ .අස්වැසුම දීලා තියෙන්නෙ මෙහෙම දුප්පතුන්ට තමයි කවදාහරි ජනතාවගෙන් සූරාගෙන බෙදන අස්වැසුම ගන්න ඇති හැකි අයටත් වෙන්නෙ ඕකම තමයි
ඉක්මන් සුව පතනගමන් මේ රටේ දේශපාලකයන් කියනා පුද්ගලයන් සියලුදෙනාම මෙහි ඇති කොමෙන්ටු කියවලා බැලුවොත් රටේජනතාව ඔවුන් පිළගන්නේ කෙසේදැයි දැනගත හැක. කෙසේ ආරක්ෂා උනත් ඔවුන්ට ස්වභාව ධර්මයෙන් නම් බේරීමට නොහැකිය....
පෙරළීයන් බරකරත්තෙ පෙරළියන්
රජයේ රෝහල් තියෙන්නේ යන්න බැරිද , දැන් ඔය පුද්ගලික රෝහලේ බිල ගෙවෙන්නෙත් අපෙන් ද?
කවුරු වුණත් දීලා තියෙන පරිදි ඉදිමෙන්න... පේන්නේ නැද්ද ඉදිමිලා තියෙන ඉදිමිල්ල... ඇස්රතු වෙන්නම බීලා වලියක් දාගෙන වගේ... හොරිවිල වෙදමහත්තයාවත් හම්බ වුණා නම්... ඉංග්‍රීසි බෙහෙත්වලට වැඩිය හොඳයි.
රෝහල ඉස්සරහා මල් ශාලවක් තියනවද?
පාටියෙන් කාලා අසනීප වෙලා රෝහල් ගත වුණු ඇමැතිවරයාට නිවන් සුව ලැබේවා...! ඔහුත් දුකින් මිදීමට අපි පතමු.