(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා මිල අඩු කළ ද පාන්, බනිස් මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ .ජයවර්ධන මහතා පවසයි.
රට තුළ බේකරි කර්මාන්තය සඳහා තිරිඟුපිටි සැපයීම 50% ක් ම සිදු කරනු ලබන්නේ ප්‍රධාන පිටි සමාගම් දෙකක් මගින් බවද ජයවර්ධන මහතා කියා සිටී.
එම තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක අනිවාර්යයෙන්ම ඔවුන්ගේ තිරිඟු පිටි මිල සහ ආනයනික වෙළඳුන් සිය තිරිඟු පිටි මිල රුපියල් 250 දක්වා අඩු කළහොත් පමණක් පාන් ,බනිස් මිල අඩු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙරට පිටි සමාගම් දෙක තවමත් තිරිඟු පිටි කිලෝවක් රුපියල් 310ක් 280 මිලකට අලෙවි කරන බවත් එම සමාගම් දෙක තිරිඟු පිටි මිල අඩු කරාවි යැයි කියා සිතිය නොහැකි බවත් පවසන ජයවර්ධන මහතා ආනයනය ක තිරිඟු පිටි මිල අඩු කළ බව පැවසුවත් තවමත් වෙළඳපොලේ පිටි කිලෝවක් රුපියල් 350 ක් බවද කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පාන් වර්ජනය කරන ව්‍යාපාරයක් පටන්ගත්තා. බලමු දිනන්නේ බේකරිද? පාරිභෝගික ජනතාවද කියලා...!
මේ වගේ ජරා කළුකඩ බේකරි කාරයෝත් හැබැයි සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා...
අල- බතල, කවුපි, මුං ඇට, කොස්, දෙල් පිරුණු රටක පාන්ම නොසොයා වඩා මිල අඩු සහ පෝෂණයෙන් ඉහළ විකල්ප සඳහා ජනතාව යොමුවන්නේ නම් බේකරි හිමියන් පාන් හදාගෙන එයාලාම කයි...
බිස්කට් නිෂ්පාදන වලට සිදුවූ දේ බේකරි නිෂ්පාදන වලටත් ඉතා ඉක්මනින් ලැබෙයි වගේ... බිස්කට් නිෂ්පාදකයින් බහුජාතික සමාගම් නිසා යම් ප්‍රමාණයකට බේරුණත් මේ සංගමය නිසා බේකරි කර්මාන්ත නැත්තටම නැතිවෙයි වගේ... දැනටමත් පාන් රාත්තල් 450-500 විකුණුන කඩවල 100-150ට අඩුවෙලා...