IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


පුංචි සභාවල පුංචි මන්ත්‍රී ලයිස්තුව භාගයකින් කපයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

පළාත් පාලන ආයතන වලට තෝරාගන්නා සභිකයින් සංඛ්‍යාව  4714ක් දක්වා අඩු කිරීමට  නව සීමා නිර්ණ කොමිෂන් සභා කමිටුවේ   වාර්තාවෙන්  යෝජනා කර ඇත.

පළාත් පාලන මැතිවරණයෙන් මේ දක්වා තෝරා ගැනුණු නියෝජිතයන් සංඛ්‍යාව අට දහසකි.

මේ අතර පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ මට්ටමින්  මෙතෙක් තේරුණු නියෝජිතයන් සංඛ්‍යාවවූ 5092  දෙදහස් අටසිය අසූ දෙකක් දක්වා  අඩු කිරීමටද යෝජනා  කර ඇත.

නව සීමා නිර්ණ කමිටු අවසන් කෙටුම්පත   සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතාට ඊයේ (11) පෙරවරුවේ බාර දුන්නේය.

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විෂය බාර අමාත්‍යවරයා ලෙස  පත්කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් මාසයේදීය.

මහින්ද දේශප්‍රිය මහතා ගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවට සාමාජිකයෝ හතර දෙනෙක් ඇතුළත් වූහ.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන  දේශපාලන පක්ෂ ප්‍රකාශ කරන්නේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් මෙම කමිටුව පත් කළ බවයි.

මේ සම්බන්ධයෙන් අප සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාර්තාව ලබන 18 වැනිදා සිට  25 වැනිදා දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය  කරවීමට කටයුතු කරන බවයි.

මීට අමතරව එම වාර්තාව පළාත් පාලන ආයතන වලද ලබන 19 වැනිදා ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ දේශප්‍රිය මහතා එම කාලයේදී ඒ සම්බන්ධයෙන් යෝජනා ඇත්නම් ඉදිරිපත් කළ හැකි බවද ප්‍රකාශ කළේය.

ජාතික කමිටුවේ නිල කාලය මෙම මස 30 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බැවින් සීමා නිර්ණය කටයුතු සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග, දේශපාලන පක්ෂවල සිවිල් සංවිධානවල යෝජනා හා අදහස් මහජන නියෝජන පිළිබඳ තොරතුරු, කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව ඒ ඒ පළාත් පාලන ආයතනවල සිතියම් දැක්වෙන වාර්තා ද අග්‍රාමාත්‍යවරයාට මැයි මස 2 වැනිදා බාරදීමට අපේක්ෂා කෙරේ.

පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණයේදී  අදාළ ලේඛන වල දැක්වෙන ඒ ඒ කොට්ඨාස බෙදා වෙන් කිරීම පිළිබඳව උනන්දුවක් දක්වන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවලට සහ පුරවැසියන්ට  ස්වකීය යෝජනා හා අදහස් අප්‍රේල් මස 25 වැනි දින දක්වා කොළඹ 5 කිරුළ පාර මිනින්දෝරු  ජනරාල් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටි සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවට එවිය හැකි බවද මහින්ද දේශප්‍රිය මහතා දැනුම් දෙයි.



අදහස් (9)

පුංචි සභාවල පුංචි මන්ත්‍රී ලයිස්තුව භාගයකින් කපයි

සුරංග Tuesday, 11 April 2023 07:55 PM

1988 කාලයේ ග්‍රාම නිළධාරි වසම් ප්‍රමාණය වැඩිකලා ඇත්තටම ඒ කාලයේ තිබුන වසමකට එක් අයෙක් ලෙසට පත්කිරීම හොදටම ප්‍රමාණවත් කියන්න පුළුවන් එහෙම නැත්නම් ජනගහනයට සාපේක්ෂව හෝ ජනතාව ජීවත්වන නිවාස සංඛ්‍යාව අනුව ජනතා නියෝජිතයන් (අතීතයේ කියපු ආකාරයට මැම්බර්ලා ) පත්කිරීම සුදුසුයී.

:       44       2

දාස Wednesday, 12 April 2023 06:16 AM

චන්දෙ තියපල්ලා අපේ අයිතීන් උදුර ගන්නෙ නැතිව. රට පාලනය කරන්නෙ ජනතා නාකයෙක් නෙමෙයි.

:       45       5

WithanaWednesday, 12 April 2023 09:40 AM

ඡන්දෙ ඉල්ලන්න නිවාඩු පිට ඉන්න කෙනෙක් දාපු කොමෙන්ට් එකක් බවයි පේන්නේ. අනුරයා ඔබලාව ඇන්දුවා නේද මල්ලි..?.

:       1       6

සුදෙව් Wednesday, 12 April 2023 01:51 PM

නාස්තිය අවමකර පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව අඩුකරාම තරහා ගියා වගේ...

:       0       5

Bamunuarachchi Wednesday, 12 April 2023 06:39 AM

පුන්චිලයිස්තුව භාගයකින් නොව සම්පුරයෙන් ඉවත් කර දමන්න.

:       3       77

SurainWednesday, 12 April 2023 09:04 AM

ගමේ පාරවල් සුද්ද කරන්නේ ඔයාගේ නෑදෑයෝ ටික ඇවිල්ලද? එහෙම නැතිනම් ඔය ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවපු දූෂිත රැළද?

:       2       1

Bamunuarachchi Friday, 14 April 2023 07:21 PM

කොයි කාලේද ඉපදුනේ. අවුරුදු ගණන් පුංචි සභා විසුරුවා තිබුන කියලා දන්නේ නැද්ද? ඒකාලේ ඒ පුංචි සභාවල වැඩකෙරුනේ නැද්ද?

:       0       1

විපරමා Wednesday, 12 April 2023 03:08 PM

බාගෙකින් අඩුකෙරුවා කියලා වැඩක් වෙන එකක් නැහැ.. හිටපු අයගෙන් රටට යහපතක් වුණාද?

:       0       1

AKS Aththanagoda Thursday, 13 April 2023 05:02 PM

පින් පඩි ගන්න එක වැලැක්වීම හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 632 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1039 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site