(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි නොපවත්වා ,කල් දැමීමට ආණ්ඩුව පියවර ගතහොත්,සියලු දෙනා එක්ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
විපක්ෂයේ දේශපාලන පක්ෂ ඊට එරෙහිව වෙන් වෙන්ව තරග කිරීමට අමතරව, එක්ව සටන් කිරීම වඩාත් ප්‍රායෝගික බව විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කොලඹදී ඉකුත් දා පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නිදහස ජනතා සභාවේ මැදිහත් වීමෙන් හා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,ජතික නිදහස් පෙරමුණ පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව මොනාක් ඉම්පීරියල්හෝටලයේ දී ඉකුත් දා පැවැත්වූ අතර , එහිදී මහාචාර්ය ජී එල් පීරිස් හිටපු ඇමතිවරයා දැනුම් දී තිබුණේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව පියවර ගතහොත් අධිකරණය හමුවට යාමට නීතිඥයන් කණ්ඩායමක් සමඟ දැනටමත් සාකච්ඡා කර ඇති බවය.
ඉකුත් 2016 පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයේදී පත්වූ පළාත් පාලන ආයතනවල නිල කාලය ඉකුත් වසරේ අවසන් වූ අතර ,එය ලබන මාර්තු මාසය දක්වා දැනට කල් දමා තිබේ.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම හා පළාත් පාලන ආයතන සභිකයන් අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගිය සතියේ කළ ප්‍රකාශයක් හේතුවෙන් ආණ්ඩුව එය කල් කල් දැමීමේ උත්සාහයක් පවතින බවට විපක්ෂය විශ්වාස කරයි.
දැනට කල් තබා ඇති පළාත් පාලන ආයතන වල මැතිවරණය පළාත් පාලන මැතිවරණ පනතට අනුව, ලබන මාර්තු මස 20 වැනිදාට පෙර පැවැත්විය යුතු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභා සහ පළාත් සභා අහෝසි කොට පැරණි ගම්සභා ක්‍රමයට යාමත් බහු පක්ෂ වෙනුවට ද්විපක්ෂ ක්‍රමය හදුන්වා දීමත් වඩාත් සුදුසුයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 100 කට සීමා කිරීමත් ඇමති ගණන 20 කට සීමා කිරීමත් කළොත් රට යම් තරමකට ගොඩට ගන්න පුළුවන් . අපි සමාන්තර පරිපාලන ව්‍යුහයන් දෙකක් නඩත්තු කරනවා. ජනාධිපතිවරයාගේ සිට ග්‍රාම නිලධාරී දක්වා නිලධාරීනුත් ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සමාන්තර කණ්ඩායමකුත්. මේ දෙකටම ජනතා බදු මුදල් වැය වෙන්නේ. එකම වැඩේ ඩුප්ලිකේට් වීමක් සිද්ධ වෙන්නේ.
ඕවාට පත්වුණු මන්ත්‍රීන් කලෙත් ජනතා මුදල් කොල්ල කෑම පමණයි . මේ වෙලේ ජනතාව ඉන්නේ හාමතේ එහෙමත් නැතිනම් ජීවිතේ ගැට ගසා ගන්න බැරුව . මේ කට්ටියට ඕන බලය පෙන්නන්න . ලංකාවේ දේශපාලකයින් හැමදෙනාම කලේ හොරකන් කරලා ඔවුන්ගේ ධනය බලය වැඩි කරගැනීම . ඒ නිසා ඔය කොයි මැතිවරණයක් ගැනවත් ජනතා ප්‍රසාදයක් නැති බව විශ්වාසයි .
මින්පසු ලංකාවේ පැවැත්වෙන ඡන්ද රුසියාවේ, චීනේ ඡන්ද පැවැත්වෙන ආකාරයට තමයි. විපක්ෂය කවදාවත් දිනන්නේ නැහැ.